(ඩයනා උදයංගනී)
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් හත්දෙනකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම පත්වීම් සිදුකර ඇත.
ඒ අනුව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් වන මිලින්ද ගුණතිලක, හරිප්‍රියා ජයසුන්දර, විකුම් ආබෲ, ශානක විජේසිංහ, රවින්ද්‍ර පතිරණගේ, නෙරීන් පුල්ලේ සහ චේතිය ගුණසේකර යන මහත්ම මහත්මීහු ජනාධිපති නීතිඥවරු ලෙස පත්කර සිටිති.
අභිනව ජනාධිපති නීතිඥවරු ඉදිරි කාලයේ දී සිය ධුරයේ දිවුරුම් දීමට නියමිත අතර ජනාධිපති නීති අධ්‍යක්‍ෂ ජනරාල්, නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා අදාළ පත්කිරීම් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරයා වෙත අද (14) භාර දී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඉ) ජේදය ප්‍රකාරව නීතිඥ වෘත්තියේ විශිෂ්ටත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ට පැවැත්මෙන් යුතු නීතිඥවරුන්, ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට බලතල පැවරී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්වත් පත්කළා නම් නේද හොඳ?
දැන් නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ... දෙවියනේ ඔබ කොහිද?
මෙයාට බලය නැත්තේ මොනවටද? හැම රෙද්දම දීලත් රට කන එක විතරයි කරන්නේ.