
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) නාගදීප රජමහා විහාරය වෙත ගොස් විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමි බැහැදැක සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.
උතුරේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගීවන අතරතුර ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක් වූ අතර විහාරාධිපති හිමි මෙහිදී ආගමික වතාවත් කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී විහාරස්ථානයට පැමිණ සිටි ජනතාව සමඟද සුහද කතා බහක නිරත විය.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු, ජනාධිපතිතුමනි... මුළු උතුරම සංවර්ධනය කරන්න. උතුර දකුණ යා කරමින් සාමය උදාකරවන්න
මේ වගේ සාමකාමී ජනපති කෙනෙක් දැක්කමයි. හරියට පවුලෙ කෙනෙක් වගේ... මහින්ද මහත්තයා ගියා නම් අපිට හොයාගන්නවත් බැහැ. ඔබ අපේම සහෝදරයෙක්...
චිරං ජයතු ජනපතිතුමනි...
උතුරේ ප්‍රධාන පෙලේ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන මගින් උතුරේ සංවර්ධනය සිදුකරන්න ඔබට ශක්තිය දෛර්යය ලැබේවා... අනුර සහෝදරයා