
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
එම වාහන අතර බී.එම් ඩබ්ලිව් මෝටර් රථ දෙකක්ද ෆෝර්ඩ් එවරස්ට් වර්ගයේ ජීප් රථ දෙකක්ද මිට්සුබිසි මොන්ටෙරෝ රථයක්ද නිශාන් වර්ගයේ මෝටර් රථ පහක් සහ වී 8 රථ හයක්ද වෙතියි එම කාර්යාලය පවසයි.
ජනාධිපති කාර්යාලයේ වාහන පහළොවක් මීට පෙරද වෙන්දේසි කෙරිණ.
රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගකීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන මෙම වාහන මෙසේ විකිණීමට කටයුතු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
මේ ලැබෙන ආදායමෙන් ලංකාවම ගොඩ.. ඉතිරි මුදලින් වතිකානු ගිය අයගේ වියදමත් පියවාගන්න හැකි වේවි මගෙ හිතේ...!
තවත් කෙප්පයක්...!
මෙහෙම ගියොත් මේ යක්කු ඩිපෝවල දිරා යන පැරණ බස්ටිකත් සුඛෝපභෝගී වාහන කියලා විකුණන්න බැරි නැහැ. අනේ මේ වගේ විහිලු කාරයෝ ටිකක්. මේවාට රැවටෙන ගොන්නු තාමත් ඉන්නවානේ...
කැඳ බිව්වත් බෙට්ට කෙලින් කියන්නේ මේ වගේ වැඩවලට, නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ආපු උන්නේ මේ... ඔය හද්දා පරණ ලඩි විකුණුවා කියලා ලැබෙන ආදායම රටේ අය වැයට දැනේනේ නැහැ... ඒ තරම් සුළු මුදල. ඒත් ඔය වගේ ප්‍රවෘත්තියක ලොකු වටිනාකමක් තියෙනවා. මොකද මේක ඡන්ද කාලයක් නිසා...!
මේවායේ යනකොට කාණුවලට බැහැලා අප්පුඩි ගහලා, බඩගින්නේ නිදාගනිපු අයට මේවා දරාගන්න අමාරුයි.
සෙනෙවිරත්න, දැන් අප්පුඩි ගහන්නේ නැහැලු...
ඉස්සර ඇමැතිලාට ගෙදර ගෙනිත් දෙන්න බලාගෙන හිටපු පිම්පියන්ට මේවා වහකදුරු වගේ...