IMG-LOGO

ජනපති කියුබාවෙන් ඇමරිකාවට

(අංජුල මහික වීරරත්න)

කියුබාවේ හවානා නුවර පැවති G77 සමුළුවට සහභාගී වීමෙන්  අනතුරුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරට ළඟා විය.

“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ 18 වැනි දා සිට 21 දක්වා සමුළුව පැවත්වෙයි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  21 වැනිදා සමුළුව ඇමතීමට නියමිතය.



අදහස් (6)

ජනපති කියුබාවෙන් ඇමරිකාවට

කිරිපුතා Sunday, 17 September 2023 09:24 AM

ලෝක වාර්තාවක් තියන්න වගේ හදන්නේ... වෙන නම් වැඩක් තියෙයිද කියලා හිතාගන්න බෑ...

:       6       6

Nimesh Sunday, 17 September 2023 10:23 AM

රට විරුවෝ අමාරුවෙන් හම්බ කරලා එවන ඩොලර් ටික නස්තිකරනවා ඇරෙන්න මෙතැන වෙන දෙයක් නැහැ... යහපාලන කාලෙත් මේ උන්නැහේ කරේ ඕක විතරයි. අපිට ආරංචි අම්බට්ටයෝ ගොඩකුත් අරන් ගිහින් තියනවා කියලා තනියට...

:       7       7

kuhsan Sunday, 17 September 2023 11:30 AM

අනේ ඔය විදිහේ මෝඩ විදිහට නම් හිතන්න එපා.. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය කියන්නේ ලෝකයේ දැනට තිබෙන රටවල් 195න් 193ක් සාමාජිකයන් සහභාගි වන සැසියක්. මෙවැනි සැසියකට යනවිට ජනාධිපති පමණක් ගිහින් මදි, ඔහුට සහායට උපදේශකයින් හා තවත් නිලධාරින් යා යුතුයි. එය රට විරුවන්ගේ මුදල් කා දැමීමක් නොවේ. එහෙම නම් ලංකාවේ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන්ටද දෙන දීමනාවන් නතර කළ යුතුයි...

:       4       6

සුමනදාසSunday, 17 September 2023 11:35 AM

අඩු ගණනේ මෙයාට නම් කතාකරන්නවත් දෙයක් දන්නවා. ඉංග්‍රීසිත් ටිකක් දන්නවා. අනිත් ඇම්බැට්ටයෝ ඇරලා මොනවා කරන්නද?

:       1       3

Rata Perata Sunday, 17 September 2023 12:59 PM

අපේ මිනිස්සුන්ට තවම ඉංග්‍රීසි ටිකක් දන්නවා නම් ඔක්කොම හරි. ඔයිට ඉස්සර වෙලා කී දෙනෙක් නම් ඔය සමුළුවලට රට සවාරි ගියාද? අපේ සල්ලි කෝටි ගණන් වියදම් කළාද? අන්තිමට අවුරුදු 75කට පස්සේ රට බංකොළොත් කියලා නිල ප්‍රකාශය කළා. ඒත් මේ කිසිම දේශපාලුවෙක් තමන්ගේ වියදම් අඩුකරගෙන තියනවද? අපේ මෝඩයිනුත් ඔහෙ ඉන්නවා...

:       2       5

Perera Sunday, 17 September 2023 02:41 PM

කොල්ලුපිටිය හන්දියේ හිඟාකාලා ඊට පස්සේ බම්බලපිටිය හන්දියටත් හිඟාකන්න යනවා වගේ වැඩක්නේ...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site