(අංජුල මහික වීරරත්න සහ ටී.කේ.ජී.කපිල)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊජිප්තුව බලා පිටත්ව ගියේය. ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Shiek) නුවර අද 06 දා සිට 18 දා පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවේ දේශනයක් පැවැත්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඊජිප්තු නිල සංචාරයේ මූලික අරමුණයි.
ලංකාවේ පිහිටුවීමට නියමිත දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් සහ මෙරට මෙන්ම ලෝක දේශගුණික විපර්යාසයන් සම්බන්ධයෙන්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශනයේදී අදහස් දැක්වීමට බලාපොරොත්තු වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සිව්දින සංචාරයේදී ඊජිප්තු ජනාධිපති ආබ්දල් ෆැටා එල් සිසි ( Abdel Fattah Sissi) සහ අග්‍රාමාත්‍ය මොස්තාෆා මද්බව්ලි (Modtafa Madbouly) මහත්වරුන් හමු වී සාකච්ඡා පවත්වනු ඇත.
ජනාධිපතිවරයා ඊජිප්තු සංචාරය නිම කර නොවැම්බර් 10 දා යළි දිවයිනට පැමිණීමට නියමිතය. ජනාධිපතිවරයාගේ ඊජිප්තු සංචාරයට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ද සහභාගී වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් සල්ලි නාස්ති කිරීමක්... ඕක සූම් තාක්ෂණයෙන් කරානම් ඉවරයි.
මේ අය එන්නේ හිඟාකන්නයි. ණයට මුදල් නම් දෙන්න එපා. මෙයයි, මයිනයි කළේම ණයට ගත්තු සල්ලි හොරා කාලා ඔවුන් අතිසුපිරි ජීවිතයක් ගතකළ එකයි කළේ... අපේ සල්ලි වලින් ඔවුන්ගේ ගෑණුන්ට, දරුවන්ට සුරසැප දෙනවා.
එහෙන් ණයට කඳුළු ගෑස් ඉල්ලයි, වෙන මොනවා කරන්නද? පිනට ලෝකෙ වටේ යනවා.
මෙයාගේ විනෝදාංශය ඕක තමයි. පංසලක කඨිනෙකට වුණත් පිටරට නම් මෙයා යනවා. රටේ වැඩ ගැන ගානක්වත් නෑ. රටේ ජනතාව දැන්වත් අවබෝධ කරගත යුතුයි. ජාතියක් අවදිකළ හැකි කොන්දක් ඇති නායකයෙක් රටට අවශ්‍ය බව...
මට රකින්න පරපුරක් නැහැ. ඇත්තේ රාජපක්ෂ පරපුර පමණයි...