(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවැම්බර් මාසයේදී ඊජිප්තු සංචාරක නිරත වීමට නියමිතය.
නොවැම්බර් 06 වැනිදා සිට 18 වැනි දා දක්වා ඊජිප්තුවේ දී පැවැත්වෙන COP 27 සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා ඊජිප්තුවට යාමට නියමිතය.COP 27 සමුළුව යනු දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක සමුළුවකි.
ජනාධිපති ධුරයට පත් වූ පසු රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමෙි කටයුතු සඳහා මුලින්ම එංගලන්තයටත් දෙවැනිව ජපානයටත් තුන්වැනිව පිලිපීනයටත් සංචාරය කළේය.
ඊජිප්තු සංචාරය ජනාධිපතිවරයාගේ හතරවැනි විදේශ සංචාරයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ රටම ගිනිගද්දී පදින්න ගියා. මෙදා රටම ආර්ථික අගාධයට වැටිලා තියෙද්දී රවුම් ගහනවා.
මෙයාට ප්ලේන් උණක් තියෙන්නේ. පරණ ප්ලේන් එකක්වත් ඇදගෙන ඇවිත් ගේ ළඟ නවත්තලා තිබ්බා නම් පැය 24ම ඉඳගෙන ඉන්න. රටේ සල්ලි ඉතුරු කරගන්න තිබුණා...
පින් ජනපතියාට රවුම් ගහනවා හැරෙන්ඩ වෙන මොනවා කරන්නද?
අර ‘‘පිරමීඩයෙන් අතුරුදන් වූ සිරුර‘‘ ආපහු ඇවිල්ලා කියලා ඊජිප්තුවේ මිනිස්සු බයවෙලා..
මමියක් කරලා තියාගන්න පුළුවන් නම් අපිට ලොකු උදව්වක්...
නරකද පිටරටම උන්නා නම්...?
වට වන්දනාවේ ගිහින් ඔය නඩේ ගමන් වියදම්, හෝටල් ගාස්තුවත් අඩුගානෙ ලබාගෙන තියෙනවද?
රටේ මිනිස්සුන්ට කන්න දෙයක් නැහැ. මෙයා ලෝකෙ වටේ රවුම් ගහනවා. සත පහක උදව්වක් නැහැ.