
(අංජුල මහික වීරරත්න සහ ටී.කේ.ජී.කපිල)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා කටුනායක ගුවන්තොටින් ඇමරිකාව බලා පිටත්ව ගියේය.
ඇමරිකා සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා එහි සිට ජපානයේ නිල සංචාරයකට පැමිණෙනු ඇත.
ජනාධිපතිවරයා බදාදා (24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීමට නියමිත අතර ඇමරිකා වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇත.
එහිදී ජනාධිපතිවරයා රජයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉදිරි වැඩ පිළිවෙල ගැන පැහැදිලි කිරීමට නියමිතය.
මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද මෙහිදී සහභාගී වනු ඇත.
ජනාධිපති අනුර දිසානායක මහතා ලබන 27 වැනිදා ඇමරිකාවේ නිව්යෝක් සිට ජපානයේ ඔසාකා නගරයට පැමිණෙනු ඇත. ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා ජපාන සංචාරයේ නිරත වෙයි.
ජනාධිපති අනුර දිසානායක මහතා ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සමඟ ලබන 29 වැනිදා සාකච්ඡා පවත්වන අතර 30 වැනිදා ජපානයේ නරුහිතෝ අධිරාජයා හමුවීමට නියමිතය.
ජනාධිපතිවරයා ජපන් රජය සමග පවත්වන සාකච්ඡා වලදී ශ්‍රී ලාංකිකයන් සඳහා ජපානයේ වැඩි රැකියා අවස්ථා ලබා ගැනීම සහ දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ජපානයේ 2025 එක්ස්පෝ ප්‍රදර්ශනයට සහභාගී වන අතර එහි පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා දින සැමරුමටද එක් වනු ඇත.එම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සංචාරක, ව්‍යාපාරය, වෙළෙඳ සහ ආයෝජන යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිරිස් සහභාගී වෙති.
මීට අමතරව ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ජපානයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවද හමුවීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද සහභාගී වෙයි.
ජනාධිපති අනුර දිසානායක මහතා ඇමරිකා සහ ජපාන සංචාරය නිමා කර ඔක්තෝබර් 1 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ලාට නිතර දෙවේලේ රට සවාරි යනවා කියූ අයම කිසිම අඩුවක් නැතිව රට සවාරිත් යනවා, අවුරුද්දට සවාරි 7ක් ද කොහෙද, හැබැයි එතකොට හොරකම නෙවේ, බිග් කුච්චන් කරා වගේ සේවාවල්. රජයට අභිමානයක් . බු හා හා. අපිට විලි ලැජ්ජාවේ බැහැ මේ යකා නාපු නෑම බලන්න.
රටට දේශපාලන හා ආර්ථික ජයග්‍රහණයන් ලබාගෙන ආපසු පැමිණීමට හැකියාව ලැබේවා යයි පතමි !
ගුණරත්න මහත්තයෝ. රනිල්, මහින්ද, මෛත්‍රී හොරු රංචුවක් ඔවුන් සමග එක්කන් යනවා. මෛත්‍රී ලන්ඩන් යනකොට සතුටු කරන්න අසාද් සාලිවත් එක්කන් ගිහින් තියෙන්නේ. අඩු තරමින් ඔහු මන්ත්‍රී කෙනෙක් වත් හෝ ආයතනයක ප්‍රධානියෙක් වත් නොවේ. ඔන්න වෙනස...
පහුගිය කාලවල හිටපු දූෂිත නායකයෝ පව්ල් පිටින් ආවේ..රටට වෙචිචි යහපතක් නැහැ.ජනතාවාදී නයකයා ගැන ලෝකේ පිළගැනීමත් තියෙනවා. ඔහුගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .අපේ රටට යහපතක්ම වේවා .