(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති උපාලි ජයසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ආරක්ෂක දිසාව බාරව පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ජනාධිපති ආරක්ෂක දිසාව බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා විශ්‍රාම යෑමෙන් ඇතිවූ පුරප්පාඩුවට උපාලි ජයසිංහ මහතා පත් කරනු ලැබූ බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැඩ බැලීම සඳහා අපරාධවිමර්ශන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා පත්කර ඇත.
ජාතික පොලිස් කොමිසන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව හදිසි සේවා අවශ්‍යතා සලකා මැතිවරණ කොමිසන් සභාවේ ලබාගත් අනුමැතිය ඇතිව මෙම ස්ථානමාරුවීම් ලබා දී ඇති බව ඒ සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර ඇතැයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
26
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජනපති ආරක්ෂක දිසාව බාරව නව නි.පොලිස්පතිවරයෙක්
chinthaka Friday, 24 February 2023 03:21 PM
රනිල්ට දැන් ගොක් කොළ පෙනෙනවාලු.