IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජනපති අරමුදල ඔන්ලයින් වෙයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අරමුදලේ  සියලු සේවා මාර්ගගත ක්‍රමයට සැපයීම ජුනි මස 21 වැනි දා සිට ආරම්භ කරන බව ජනාධිපති කාර්යාලය කියයි.

ජනාධිපති අරමුදලින් ජනතාව වෙත වෛද්‍යාධාර ලබා දීමේ සේවාවට අයැදුම්පත් බාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 7 වැනි දා සිට ඇරැඹිණි.

 මෙම වැඩසටහන ඉතා සාර්ථක ලෙසින් ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ අනෙකුත් සේවාද මේ අයුරින් විමධ්‍යගත කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ද ජනාධිපති කාර්යාලය කියයි.

ඒ අනුව දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා ‍දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ පුද්ගලයන් ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්හි සේවා සඳහා දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව ලැබේ.‍

මෙම වැඩසටහනත් සමඟ වසර 47ක කාලයක් කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිට අයදුම් කිරීමට එහි ප්‍රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදා වෙයි. 

ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක ප්‍රතිඵලයක් ලෙස ජනතාවට මෙම පහසුකම හිමි වන අතර වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දීමටද බලාපොරොත්තු වන බවත් ජනාධිපති අරමුදල අවභාවිත වීමට ඇති ඉඩකඩද මෙමගින් සීමා වන බවත් ජනාධිපති කාර්යාලය කියයි.



අදහස් (1)

ජනපති අරමුදල ඔන්ලයින් වෙයි

වින්සන්ට් කජ්ජා Friday, 13 June 2025 06:29 PM

දැන් දයාසිරිලට ලංකාවේ ඕනෑ තැනක ඉඳලා අයැදුම් කරන්න පුළුවන්. ඒක නම් සෑහෙන පහසුවක්...

:       2       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site