IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජනපති අමරපුර මහා නා හිමි බැහැ දකී

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ මූලස්ථානය වෙත අද (28) පෙරවරුවේ පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමුර්ති  අමරපුර මහා නිකායේ මහා නාහිමි  බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. 

ආර්ථික අභියෝගය හමුවේ පීඩාවට පත් ජනතාව බේරා ගැනීම වෙනුවෙන් ඉකුත් දෙවසර තුළ තමා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ සාර්ථක අවසානයක් කරා ගෙන යමින් නැවත රට ආර්ථික ගැටළුවකට මුහුණ නොදෙන පසුබිමක් සැකසීම වෙනුවෙන් තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය අපේක්ෂා කරන බවද පැවසීය.

එක්සත් ජාතික පක්ෂ උප නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (7)

ජනපති අමරපුර මහා නා හිමි බැහැ දකී

සුරෙන් Wednesday, 28 August 2024 01:56 PM

අනේ ලොකු හමුදුරුවනේ පුළුවන්නම් ඔය කෙනාව පන්සලේ නවත්තා ගන්න රට වැසියාට සැනසිල්ලේ ඉන්න...!

:       21       16

chamila Wednesday, 28 August 2024 02:21 PM

රනිල් පන්සලේ හිටියා නම් අපි මේ වෙනකොට හිඟාකනවා.

:       12       15

nanda Wednesday, 28 August 2024 03:02 PM

පෝයට පන්සල් වත් නොයන අය ඡන්ද කිට්ටු වෙනකොට පන්සල් වල පදිංචි වෙනවා.

:       0       1

ජනරළ Wednesday, 28 August 2024 03:09 PM

හාමුදුරුවෝ හිතනවා ඇත්තේ අනේ මේ මනුස්සයාට ලබන සැප්තැම්බර් 21 වෙනිදාට මුක්තිය ඉවර වුණාට පස්සේ මොන කලදසාවක් යාවිද කියලා වෙන්නැති...? ඇයි ඉතින් එහෙම අධිකරණ තීන්දු නොසලකා ඡන්ද කල් දැම්මා. අරහෙන් අධිකරණ තීරණ තීන්දු නොසලකා ඇරලා තව ඒ මදිවාට ඒවා හෑල්ලු කරලා කතා කළා. දැනටමත් අධිකරණය විසින් රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කළ කෙනෙක් කියලා තීන්දුවකුත් දීලා වැරැදිකරුවෙක් කරලා ඉවරයි.

:       1       1

Kazi Shajahan Wednesday, 28 August 2024 03:10 PM

රනිල්ව පිරිත් පැන්වලින් කළගෙඩි 7,8 නෑවුවත්, පිරිත් නූල්වලින් මුළු ඇඟම බැන්දත්, පරදිනවා තමයි. ඡන්ද කොහොම දිනන්නද? ලෝක හොරු නඩයක් මේ වටකරගෙන ඉන්නේ...!

:       2       1

ගමේ එකාලා Wednesday, 28 August 2024 03:34 PM

මේ දවස්වල මහනායක හිමිවරු බැහැ දකින්න ගිහිල්ලත් බොරු ඇද බාන එකයි කරන්නේ?

:       2       1

siri Wednesday, 28 August 2024 07:05 PM

පන්සිල් පදවත් රකින දේශපාලනඥයෙක් හොයාගන්න පුළුවන්ද? මුසාවාද කියන එක නම් ඉවරයක් නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site