
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ මූලස්ථානය වෙත අද (28) පෙරවරුවේ පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමුර්ති අමරපුර මහා නිකායේ මහා නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ආර්ථික අභියෝගය හමුවේ පීඩාවට පත් ජනතාව බේරා ගැනීම වෙනුවෙන් ඉකුත් දෙවසර තුළ තමා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ සාර්ථක අවසානයක් කරා ගෙන යමින් නැවත රට ආර්ථික ගැටළුවකට මුහුණ නොදෙන පසුබිමක් සැකසීම වෙනුවෙන් තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය අපේක්ෂා කරන බවද පැවසීය.
එක්සත් ජාතික පක්ෂ උප නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලොකු හමුදුරුවනේ පුළුවන්නම් ඔය කෙනාව පන්සලේ නවත්තා ගන්න රට වැසියාට සැනසිල්ලේ ඉන්න...!
පෝයට පන්සල් වත් නොයන අය ඡන්ද කිට්ටු වෙනකොට පන්සල් වල පදිංචි වෙනවා.
හාමුදුරුවෝ හිතනවා ඇත්තේ අනේ මේ මනුස්සයාට ලබන සැප්තැම්බර් 21 වෙනිදාට මුක්තිය ඉවර වුණාට පස්සේ මොන කලදසාවක් යාවිද කියලා වෙන්නැති...? ඇයි ඉතින් එහෙම අධිකරණ තීන්දු නොසලකා ඡන්ද කල් දැම්මා. අරහෙන් අධිකරණ තීරණ තීන්දු නොසලකා ඇරලා තව ඒ මදිවාට ඒවා හෑල්ලු කරලා කතා කළා. දැනටමත් අධිකරණය විසින් රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කළ කෙනෙක් කියලා තීන්දුවකුත් දීලා වැරැදිකරුවෙක් කරලා ඉවරයි.
රනිල්ව පිරිත් පැන්වලින් කළගෙඩි 7,8 නෑවුවත්, පිරිත් නූල්වලින් මුළු ඇඟම බැන්දත්, පරදිනවා තමයි. ඡන්ද කොහොම දිනන්නද? ලෝක හොරු නඩයක් මේ වටකරගෙන ඉන්නේ...!
මේ දවස්වල මහනායක හිමිවරු බැහැ දකින්න ගිහිල්ලත් බොරු ඇද බාන එකයි කරන්නේ?
පන්සිල් පදවත් රකින දේශපාලනඥයෙක් හොයාගන්න පුළුවන්ද? මුසාවාද කියන එක නම් ඉවරයක් නෑ...