
(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති ධූර අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සිය නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත.
දූෂණ විරෝධී පනත අනුව හෙළි නොකළ යුතු තොරතුරු හැර අපේක්ෂකයන්ගේ අනෙකුත් වත්කම් බැරකම් තොරතුරු වෙබ් අඩවියෙන් මෙසේ ප්‍රසිද්ධ කරන බව කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.
ජනාධිපති අපේක්ෂකයන් 39 දෙනා සිය නාම යෝජනා පත්‍ර සමඟ ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාවට දැනටමත් භාරදී ඇත.
එම කොමිසමෙන් ඒ ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට භාරදිය යුතුවේ.
මේ අනුව ඒවා බාර දෙන ලෙස අල්ලස් කොමිසම මැතිවරණ කොමිසමට දැනටමත් දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රනිල් පළාත් සභා ඡන්දය කල් දාපු එකට විරුද්ධව දාපු නඩුවේ තීන්දුව එන දවස රනිල්ලාට තරු පෙනෙයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එනකොට
නිවැරදි තොරතුරු නොදුන්නොත් ලැබෙන දඬුවම් ගැනත් සඳහන් කරොත් නරකද?