
(අංජුල මහික වීරරත්න)
එළඹෙන ජනපතිවරණ අපේක්ෂකයන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළේය.
හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීමද එම කමිටුවට පැවරෙන්නේය.
එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කිරීමටත් එම කැබිනට් සංදේශයෙන් ජනාධිපතිවරයා යෝජනා කර ඇත.
COMMENTS
අනුර දිසානායකව මරන්න නේද මේ ප්ලෑන් කරන්නේ ?අපට හැරෙනකොට තේරෙනවා වස්සා හදන්නේ පොල් පැලේ කන්න කියලා
සීයා අරාදින්නේ හොඳ වැඩකට නෙමෙයි .හොරාට ඉස්සෙල්ලා වැට පනින්නයි යන්නේ. AKD ව පරිස්සම් කරගන්න වෙයි
මහජනයාගේ පැත්තෙනුත් ආරක්ෂාව තර කරන්න ඕනෙ. ගුවන්තොටුපොලවල. චන්ද ප්‍රථිපල එන්නත් ඉස්සර හැත්ත බුරුත්තම පැනලා යන එක නවත්වන්න. මේ පාර වත් කපුටාව ගලකින් ගහලා හරි අල්ලාගන්න බලන්න. ඕකා හොර බළළා වගේ හැමදාම පනිනවා.
NPP අනුරගේ ආරක්ෂාව කොහොමද සිදු කරන්නේ කියා මුට්ටිය දමා බලන්න හදනවා.. ගේමක් ගහන්න වගෙයි හදන්නේ. ..
බුදුවරු ලක්ෂ ගණන් බිහි වුවත් නැවත මනුෂ්‍ය ආත්මයක් ගන්න බැරි කෙනෙක්...
"හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීමද එම කමිටුවට පැවරෙන්නේය. " ඒවා ඉවරයි සීයේ. මෙයා දන්නවා මෙයා ඉවරයි කියලා.. මීළඟට පත්වන මහජන රජයෙන් රට කාපු හිටපු ජනාධිපතිලාට ආරක්ෂාව තවත් අඩුකරනවා. ඕනෑ නම් රාළහාමි කෙනෙක් දෙයි. ඒකත් වැඩියි මොවුන්ට...!
වරද-රාජ්‍ය නිල බලය යොදාගෙන සංවිධානාත්මකව මිනී මැරුම් සංවිධානය කිරීම ,සහ ඒවාට අනුබල දීම
ජනාධිපති කාලේ ඉවරවුනාට පස්සේ සාමාන්‍ය මිනිසෙකුගේ තත්වයට දැමිය යුතුයි. ඒ කියන්නේ කාලය අවසන්වුනාට පස්සේ රජයෙන් දීලා තිබුන පහසුකම් ඔක්කොම නැවැත්විය යුතුයි. උන් ඔක්කොම බල්ලා මාක් එකට දැමිය යුතුයි.අවංකව සාධාරණව ,මහජනතාව සමග සිටිය ජනාධිපති කෙනෙකුට එයාගේ කාලයෙන් පසු ආරක්ෂාවක් අවශ්‍ය නැහැ.ඔය ආරක්ෂාව ඉල්ලන්නේ හොරු, මිනීමරුවෝ.
මේවා දැකලා අපිටත් ප්‍රීතියෙන් පිනා යනවා පිනෝ...!
ඒක මැතිවරණ කොමසාරිස්ගේ වැඩක් නේද? අනික මේ කවුරු කවුරුත් අපේක්ෂකයෝ වෙන්නේ නාමයෝජනා දුන්නාට පස්සෙනේ... ඈත කාලයේ ඒ හැමෝම සාමාන්‍ය පුරවැසියෝ...!
කොක්කෙන් බැරිනම් කෙක්කෙන් ජනාධිපතිවරයෙක් නොතියාම ජනාධිපති වෙන ක්‍රමය...
මට පේන්නේ ධම්මික පෙරේරාට පොලිස් ආරක්ෂාව දෙන්න ක්‍රමයක් හොයන්න වගේ
මොකටද කමිටු. ටිරාන්ට සහ බන්දු කෙලින්ම කියන්න කෝ එයාලගේ ඇති දක්ෂ පක්ෂ කමටනේ පත්කළේ බොහෝ විරෝධතා මැද්දේ