(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාසවලට ප්‍රතිඵලදායක ලෙස විසඳුම් ලබාදිය හැකි රටවල් දේශගුණික ක්‍රියාකාරකම්වලට ඍජුව මැදිහත් නොවීම අනාගත මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
COP27 සමුළුවේ සාර්ථකත්වයට ලොකුම බාධාව දේශපාලනීකරණය සහ කල්මරමින් සිටීම බව ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ COP27 ගිවිසුම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මෙම සමුළුව අර්ථවත් වීමට නම්, COP 28 හි තිරසාර ප්‍රගතියක් ලබා ගත යුතු අතර එසේ නොමැති නම්, COP විසුරුවා හැරීම වඩාත් සුදුසු බවද මේ ආකාරයට පවත්වා ගෙන යා යුතු නැති බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) හිදී පැවැත්වුණු දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතාද සහභාගී විය.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනපති COP27 සමුළුව ගැන කලකිරෙයි
Sunil Wednesday, 30 November 2022 01:32 PM
COP 27 ගැන පමණක් නෙවෙයි, මුළු රටම දැන් 6 වැනි වතාවටත් ඔබගැන දැඩි ලෙස කලකිරීමට පත්වෙලා ඉන්නේ. මේ මොහොතේ අපේ රටට අතිශයින්ම අවශ්‍ය දේ ගැන අවධානය යොමුකරන්න. ගංජා ගහන්නයි, පරිසරය ගැන හිතනවාටයි වඩා අපේ බඩගින්න අපට දැනෙනවා..
sharm warn Wednesday, 30 November 2022 01:52 PM
ඇත්තටම මෙයාව ජනාධිපති කරපු අයට ඔයාලා ආයෙමත් ඡන්දය දෙනවද? ලංකාවේ අපිට මෙතන ලෝකයේ තියෙන ප්‍රශ්න ඔක්කොම පටවලා කතාකරනවා... දේශගුණික විපර්යාස විසඳන්න. ඔක්කොටම කළින් මේ රට විනාශ කරන එක නවත්වන්න එපැයි. පිස්සව උපරිමයටම නැගලා දැන්නම්...
බද්රානි Wednesday, 30 November 2022 03:04 PM
රටේ මහජනතාවගේ ඡන්දෙන් පැරදිලා, අවසානයේ ලංකාවේ ජනාධිපති වුනේ කොහොමද කියලා, හිතලාම ඒ රටවල ජානාධිපතිවරුන්ට සසර කලකිරිලා කියලයි අපට නම් ආරංචි... ලෝකේ කොයි රටේද එහෙමවෙලා තියෙන්නේ? හොරුන්ගේ ව්‍යවස්ථාව ගැන අහලා ඒ රටවල නායකයින් අර කොහෙන්ද මන්දා හිනාවෙනවා ඇති? හොර කල්ලියක නායකයෙක් වූ පමණින් එවැනි සංවිධාන විවේචනය කරන එක හොඳද...?
chandima Wednesday, 30 November 2022 07:36 PM
ණයක් දෙන්න බැහැ කියන්න ඇති. ලංකාවේ බයියෝ රැවැට්ටුවට සුද්දෝ ගොනාට අන්දන්න බැහැ.
chandima Thursday, 01 December 2022 03:14 AM
ඒ වගේම තමයි ආණ්ඩුවත්. අපට තිරසර විසඳුමක් නැතිනම් මඩේ හිටවපු පඹයෝ වගේ නොයිද ඉල්ලා අස්වෙන්න තමයි තියෙන්නේ.
saman Thursday, 01 December 2022 03:16 AM
ඔටුන්න දාගත්ත පාර මොලේ හිරවෙලාද මන්දා?
lankasri Thursday, 01 December 2022 03:43 AM
මෙයා දැන් මෙ විදිහටවත් වැඩ පෙන්නන්න වෙන්නැති කල්පනාව. ලංකවට නම් කරන බම්බුවක් පෙන්න නැහැ රාජපක්ශලගෙ රූකඩේ හැටියට නටනව හැර.