ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද කැඩීම සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය තදින් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබේ.
ඇතැම් අපේක්ෂකයන් නාමයෝජනා බාරදී ව්‍යාජව කටයුතු කරමින් වෙනත් දේශපාලනඥයකුට සහාය දක්වන හෝ ඔහු ප්‍රවර්ධනය වන අයුරින් කටයුතු කළහොත් එම අපේක්ෂකයා නම් කර ඒ බව ඡන්දදායකයින්ට ප්‍රකාශ කරන බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශපාලන පක්ෂ නායකයින්ට දන්වා ඇත.
එවැනි ව්‍යාජ ලෙස කටයුතු කරන අපේක්ෂකයින්ට ගුවන් කාලය ලබාදීම ඇතුළු සියලු වරප්‍රසාද අහිමි කරන බවද දේශප්‍රිය මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබේ.
ඇතැම් දේශපාලන පක්ෂ තමන්ට දේශපාලන වාසි ලබාගැනීමේ සහ විරුද්ධ දේශපාලනඥයින්ට මඩ ගැසීමේ අරමුණින් හිතාමතාම අපේක්ෂකයින් ඉදිරිපත් කරවන බවද මෙවර එවැනි අපේක්ෂකයන් හඳුනාගතහොත් ඔවුන්ට එරෙහිව තදින් පියවර ගන්නා බවද මැතිවරණ කොමිසම ඉකුත් දා පැවැති පක්ෂ නායක රැස්වීමකදී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැනුම් දී ඇත.
ඇතැම් අපේක්ෂකයින් තමන්ට ලැබෙන ගුවන් කාලය වෙනත් ප්‍රධාන අපේක්ෂකයකු වෙනුවෙන් භාවිත කරන අතර, ප්‍රචාරක රැස්වීම් සඳහා ක්‍රීඩාපිටි වෙන්කරවා ගැනීම ඇතුළු අනෙකුත් සියලු පහසුකම් ලබාගෙන වෙනත් අපෙක්ෂකයකු වෙනුවෙන් කටයුතු කරන බවද, සභාපතිවරයා පක්ෂ නායකයින්ට දන්වා තිබේ.
ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදී වක්‍රාකාරයෙන් වෙනත් ප්‍රධාන අපේක්ෂකයකුට සහාය පළකරන හෝ ප්‍රසිද්ධ නාමයක් සහිත අපේක්ෂකයින් මැතිවරණයට ඉදිරිපත් කර ව්‍යාජව කටයුතු කිරීම වැනි අවස්ථා හඳුනාගතහොත් මැතිවරණ කොමිසම ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගෙන ඡන්දදායකයින්ට ඒ බව ප්‍රසිද්ධ කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ උනාට දැන් ඉන්න කෙනාට වඩා මහින්ද දාපු ඩුප්ලිකේට් එක්කෙනා හොඳයි.
මූදට හත් ගව්වක් තියාගෙන අමුඩ ගහන්නෙ නැතුව මුලින්ම මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරල දෙන්න.
මෙයා බලනවා ඇත්තේ අරයට පාඩුවක් වෙන කෙනෙක් ඇවිල්ලද කියලා වෙන්න ඇති. මෙයා ගැන හොඳට දැනෙනවා
නිකන් බයිලා ගහන්නේ නැතුව ඉන්න හලෝ. අර ගිය ජනාධිපතිවරණයේ ඩමියක් හිටියනේ.. තමුන් මොකද ඒකට කරේ? නිකන් උඩ බලන් හිටියා විතරනේ...
කාලෝචිත සාධාරණ තීන්දුවක්.. ජාතිවාදය අනුව වාසි ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂකයින්ටද මෙයින් වැට බඳිනු ඇත...
කවුද මේ අරයා, මෙයා කියන්නේ...? නම කියලා නම් කරන්න ඇයි ඔච්චර බය...?
ඔය ඔක්කොම කරන්න ඉස්සරවෙලා ඔබතුමා පිළිවෙලකට තම තනතුරට සුදුසු ඇදුමක් එහෙම ඇඳලා, රැවුල කොන්ඩේ එහෙම කපලා ඉන්න... ප්‍රේමදාස ජනාධිපතිතුමා වගේ පිළිවෙලකට වැඩ කරන, කොන්ද පණ තිබුණු නායකයෙක් හිටියා නම්, රජයේ නිලධාරීන්ට ඔහොම ඇඳගෙන පිස්සු නටන්න හම්බ වෙන්නේ නැහැ. තව අධිකරණයට සම්බන්ධ උසස් රජයේ නිලධාරියෙකුත් ඉන්නවා කොන්ඩේ අඩියක් විතර දිගට වවාගෙන මූණට කඩා දමාගෙන ජීවිතේට කොන්ඩේ පීරන්නේ නැතුව උසවිත් යන, සාමාන්‍ය මනුෂ්‍යයෙක් ටී ෂර්ට් එකක් ඇඳන් උසාවි ගියොත් හරවල එවනවා. අධිකරණයේදී කිවිසුමක් ගියත් කූඩුවේ දමපු අවස්ථා තිබෙනවා. මේ ගොල්ලන් එ්කේ පිස්සු නටනවා.
එහෙමනම් ෆේෂල් කරන ව්‍යාජ අපේක්ෂකයින්ට වැඩේ වරදිනවා.
මෙව්වා නිකන් තේරුමක් නැහැ...., කවදා සැබෑවෙන කෙප්පද අනේ?
ඔයා මොනවා කිව්වත් මේක ලංකාවනේ මහත්තයෝ....
මේවා නිකං සම්ප්‍රප්ඵලාප... මෙයාත් පක්ෂග්‍රාහී වෙන ගමන් අනුන්ගේ වැඩ නවත්වන්නේ කොහොමද?
ඔය කොයි උන්මත්තකයා ආවත් ලංකාව කන එක මිසක් පොදු ජනතාවට නම් සෙතක් වෙන්නේ නෑ. ඒකයි මම නම් දන්නේ.... පුලුවන් නම් පළාත් සභා වගේ ඔය මැතිවරණයත් නොතියා ඉන්න. එතකොට නිලධාරීන් ටික මේක ඔය පත්වෙන කෙනාට වඩා හොඳින් කරගෙන යයි.
උපන් දේශයට ප්‍රිය අපේ මේ දේශප්‍රිය අයියානේ..// ඇයි මේ හදිස්සියේ බලුපොරයට නීති දමන්නේ..// හිතුවද මිනිසුන් පමණක් තරගෙට එ්වි කියා..// ඔට්ටුයි බලමු හිවලුන්, වඳුරන් බල්ලන් එන්නේ කියා..//
ඡන්ද කැඩීමටත් ඡන්දපොළ නියෝජිතයින් වැඩියෙන් පත්කිරීමටත් මෙම කියන ආකාරයට අපේක්ෂකයන් දානවා. ඡන්ද ගණන්කිරීමේදී මුල්වටය ගණන්කර අවසන් වූ විට සියයට 5ට අඩුවෙන් ඡන්ද ලබාගත් පක්ෂ නියෝජිතයින් ඉවත්කරන්න උපදෙසුත් මෙලෙසටම දෙනවා. නමුත් ප්‍රධාන අපේක්ෂකයාගේ නියෝජිතයන් එවැනි අවස්ථාවල දැඩි විරෝධය දක්වනවා. මම දැකලා තියෙනවා රජයේ මාණ්ඩලික තත්වයේ නිලධාරීන්ට මැතිවරණ කටයුතුවලදී පක්ෂග්‍රාහීව කටයුතු තහනම් වුවත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙකු ඡන්ද රාජකාරි නොකර ගණන් කිරීමේ නියෝජිතයෙක් ලෙසට පැමිණ එලෙස කළබල කරනවා. එවැනි අවස්ථාත් නැතිකළ යුතුය. තවත් විශේෂ දෙයක් කියන්න තියෙනවා. සමහර ඡන්ද දායකයන් තම අපේක්ෂකයාට ඇති දැඩිම කැමැත්ත නිසා ඡන්ද ලකුණ ඉදිරියේ ගැසූ කතිරය පාට කරනවා. එවැනි ඡන්ද ප්‍රතික්ෂේප කරන ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරිනුත් සිටිනවා කියලා...