
(ඩයනා උදයංගනී)
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය (PMC) ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ විවෘත කෙරිණි.
කොටුව, ජනාධිපති මන්දිරය ඉදිරිපිට, පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැඟිල්ලේ බිම් මහලේ මෙම මාධ්‍ය කේන්ද්‍රය ස්ථාපිත කර ඇත.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති කරුණු යථාර්ථයක් කිරීමට ගෙන යන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය, ජනාධිපතිතුමාගේ සහ ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිවැරදිව හා කාර්යක්ෂමව මාධ්‍යයට සහ ජනතාවට ලබාදීම ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අපේක්ෂාව වී තිබේ.
මාධ්‍යවේදීන් 40 දෙනෙකුට එකවර අසුන්ගත හැකි සහ ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කළ හැකි අංගෝපාංග රැසකින් මෙම මාධ්‍ය කේන්ද්‍රය සමන්විතය.
මෙහි සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී තෝරාගන්නා මාතෘකාවන් තුළ ජනාධිපතිවරයාගෙන්, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් සෘජුව හෝ මාර්ගගත ක්‍රමයට ප්‍රශ්න විමසීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව සැලසේ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කරන්න ඔය කේන්ද්‍ර ඕනෑ නෑ. හරියට වැඩ කරනවා නම් මාධ්‍යවේදීයෝ ගස්යට ඉඳලා හරි රාජකාරිය කරාවි. කයිය විතරක් නම් තියෙනවා.
ඔලුවේ අමාරුවට කොට්ටේ මාරු කළා වගෙයි.
ජනාධිපතිතුමාගේ අලුත්ම නාන කාමරය!
මේ වෙලාවේ රටට අවශ්‍යම දෙයක්...
අනේ මෙහෙම පුහු වැඩ, අහරේ මිනිසුන්ට කන්න නෑ බඩු ගිනි ගණන්, මේ අය කථා කරන්න තැන් හදනවා මිලියන ගණන් වියදම් කරලා... මොලේ කළඳක් නැති අහංකාර පාලකයින්ගේ තකතීරු වැඩ මේ...
මේ මොහොතේ ජාතික ප්‍රශ්නයකට විසඳුම් ලබාදුන් සැමට ස්තුතියි !!!
කොන්දක් තියෙන පිරිසකට කතා කරන්න.
අපිත් දැන් ඇමෙරිකාවේ ගානටම ගෙනිච්චා එහෙනම්. මීටත් වඩා සෞභාග්‍යයක් තවත් කොහෙන්ද ? සල්ලි නැතුව හොම්බෙන් යන රටකට අත්‍යාවශ්‍යම දෙයක්. අර ගන්න දුන්නු සල්ලි අපතේ ගිහින් නෑ එහෙනම්...
ආණ්ඩුවේ කටයුතුවල අඩුපාඩු දුර්වලකම් පොලිෂ්කර අඩුපාඩු දුර්වලතා නැතිබවට ජනතාවට පෙන්වීමට උත්සාහ දරා ඇති බව පෙනේ...
බොහෝ දෙනා සුදු ඇඳුම් ඇඳගෙන ඉන්නේ මොකද බැලුවා.. බැලින්නම් ලලිත් වීරතුංග ඉන්නවනේ...
රෝමය ගිනිගනී... ගෝඨාභය ගිටාරය වාදනය කරයි.
හරි නම් රටේ මිනිස්සු මේ කන කට්ටේ හැටියට මාධ්‍ය අමතන්න... ඕන ගහක් යට ඉඳලා.
රට පත්වී ඇති තත්ත්වය හමුවේ මෙවන් දේ වලට මුදල් නාස්තිකිරීම අපරාධයකි. එදාවේල අමාරුවෙන් කනවා වෙනුවට ලෙවකන මේ වසංගත කාලයේ රටේ මුදල් මේ සුරංගනා ලෝක හා කතා මැවීමට යෙදවීම නොකළ යුත්තකි. මේ වැනි වැඩ කරන්නන් රටේ පවතින සැබෑ පොදු යථාර්ථය වසා වෙනත් දෙයක් පෙන්වීමට ගත් උත්සාහයක් බවත් යන්තම් හෝ බුද්ධියක් ඇත්තෙකුට පෙනේ... සීනිබෝල කතා බොහෝ මිහිරි රසින් යුක්තයි. ඒවා ආයාසයකින් තොරව අසා සිටීමටද හැකිය. එහෙත් ඒවායින් රටක ජනතාවගේ කුස පිරවිය නොහැකිය. පොදු ජනතාව දුක් ගැහැට විඳිනා අතරේ, ඒවාට පිළියම් යෙදීමට ඇති මුදල් මෙවන් දේ සඳහා යෙදවීම නොකළ යුත්තකි....