
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.
මේ ගමේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරන ඡන්දයක් මිස ජනාධිපති මැතිවරණයක් නොවේ යැයි ද හිටපු ජනාධිපතිවරයා කීය.
"මාලිමාවට විශ්වාසය ප්‍රකාශ කරන ඡන්දයක් හැටියට මෙය යොදා ගන්නා ලෙස ජනාධිපති කියා තිබෙනවා.මේ මාස අටේ නවයේ හොඳට වැඩ කරලා තියනවා කියලත් කියනවා.
දැන් ලංකාවෙ හැම කොනටම ගිහින් කරපු වැඩ ගැන කතා කරනවා.ඊළඟට මට බනිනවා.විපක්ෂ නායකතුමාට හොඳ කියනවා.මෙහෙම ඡන්දයක් නම් මම දැකලා නෑ.
මම තරඟ කරන්නෙත් නෑ. ප්‍රසිද්ධ රැස්වීම් වල කතා කරන්නෙත් නෑ.දැනුවත් කිරීමේ රැස්වීම් දෙක තුනක විතරයි කතා කරන්නේ.
මැයි දින සැමරුමත් එනවා.ආණ්ඩුවේ අය ගෝල් පේස් පිටියේ එය කරන්නට යන බව කියනවා.දේශපාලන වැඩ වලට ගෝල් පේස් පිටිය දෙන්නේ නැතැයි අප එදා තීරණය කර තිබුණා.ඒකට ඔක්කොම පක්ෂ එකඟ වුණා. දැන් ඒ එකඟතාවය කඩනවා.මේ ප්‍රතිපත්තිය මොකක්ද?
විශාල රැස්වීමක් තියලා අපිට ප්‍රයෝජනයක් නෑ.ඡන්දෙට කලින් අන්තිම නිවාඩු දවස මැයි පළවෙනිදා ගමේ සිට මැතිවරණ කටයුතු කරන්න අප තීරණය කර තිබෙනවා.හය වෙනිදා ඡන්දය දුන්නාම අපේ ශක්තිය පෙන්වන්න පුළුවන් යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා කීය.
(ඡායාරූප ප්‍රදීප් පතිරණ)

COMMENTS
කරල තියෙන වැඩ වල හැටිය බැනලා විතරක් මදි පස්සට තව දේවල් සිද්ධ වෙයි
බැනල මදි වැඩිම කාලයක් පාර්ලිමේන්තු පින් බන් කාලා රටට මෙලෝ දෙයක් නොකරපු අසාර්ථක ම පාලකයා ලෙස ඉතිහාස ගත වෙනවා ,.
රටේ ජනාධිපති මෙයාට බයවෙලා වගේ එකක් අගවන්නයි මේ හදන්නේ ! පවු අනේ ඔයා, ඊයේ අපි දැක්කා අල්ලස් කොමිසමට ගිහිල්ලා ඇවිල්ලා කෙරුව මාධ්‍ය සාකච්ඡාව මුහුණ රතුවෙලා වචන පැටලෙනවා කොලයක් බලාගෙන කියවනවා, දෙපැත්තෙන් දෙන්නෙක් ලග තියාගෙන අමතක වෙන ඒවා මතක් කරන්න. මම නම් මීට කලින් කවදාවත්ම දැකලා නැහැ මෙයා මාධ්‍ය සාකච්ඡා තියෙනවා. කවුද බයවෙලා ඉන්නේ කවුද කළබල වෙලා ඉන්නේ කියලා අපිට හොදටම තේරුනා. අනුරට නම් ඔයා නතින් !
දසක වසරකටත් වැඩි කාලයක් දේසපාලනේ කරපු තමුන්ගේ කියුම් කෙරුම් අපි හොන්දහැටි දැකලා තියෙනවා.පළාත් පාලන චන්දෙට දින නියම කරලත්, පළාත් කීපයක චන්ද පත්‍රිකා.පවා මුද්‍රණය කර තිබියදීත් එය නැවැත්තුවා.තවත් කවර කතාද?
මේ මනුස්සය ගැන පට්ට දුකක් තියෙන්නේ. ඇත්තටම මේ ආණ්ඩුව පත්වෙන්න කලින් ඉදන්ම මේ මනුස්සය ගැන රටේ ජනතාවගේ කැමැත්තක් තිබුනේ නැහැ. සමහරවිට මේ රටට නොගැලපෙන හැසිරීම් රටාව නිසා වෙන්න පුළුවන්. දැක්ක දෙයක් තියෙනවා බලය ලැබුනහම පිම්බෙනවා. මිනිහට ජනතා ප්‍රසාදය තියෙනවද කියල වැඩක් නැහැ. මමයි රජා වගේ ඉන්නේ. බලය නැති උනහම විහිලු කතා කියා කියා රට වටේ යනවා.
මේ කාලකන්නියවනම් හිරේට දාලම තියන්න ඕනේ එකෙක්
මොකක්ද සීයේ මේ වැඩේ තේරුම...? නයා මැරිච්ච අහිකුන්ටකයා වගේ නාහෙන් අඩ අඩ හැමදාම .... හැම ඉන්ටවිව් එකේම බුද්ධාගම කියෙව්වට ඔයා ඇත හැරීම ගැන අහල නැහැ වගේ....
උන්නැහේ ජනාධිපති වුනාට අර තරම් බලයක් තිබුනාට වැඩක් කරගන්න බැහැ, මොකද වැඩ කරලා පුරුදු කට්ටිය නෙවේ, ඒ අයට පුරුදු උද්ගෝෂණ කරන්න ලොක්කන්න බනින්න වර්ජන කරන්න විනාශ කරන්න. ඉතින් පුළුවන් දේ තමයි ඔය කරන්නේ
එතකොට ආපහු චන්දෙ ඉල්ලන්නෙත් නැති පිස්සෙක් පක්ෂෙක නායක කම බලෙන් අල්ලාගෙන මලිමවට බැන රටේ වටේ යන එක මොකක් හරි මානසික ලෙඩක් නෙමෙයිද ?
ජනාධිපති විතරක් නෙවේ - රටේ මොලයක් තියෙන හැමෝම ඔබතුමාගේ හොඳ කිය කිය යනවා. දෙමව්පියන්ටත් පිං දෙනවා.
ඕව ගණන් ගන්න එපා , ඉස්සර අපි පොඩි කාලේ විජේකුමාරතුංග සහ විල්සන් කරූ දෙන්න ගහගන්න කොට සිතුවේ දෙන්න නඊ වෛරය කියලා , නමුත් දැන් දන්නවා එහෙම නැහැ කියල , අපි ඔය දෙන්නගේ ජෝක් බලලා හිනා වෙනවාද නැතිනම් අඩනවද කියල හිතාගන්න බැරිව සිටිනවා මිසක් ඕව විශ්වාස කරන්නේ නැහැ ,
වැඩ බැරි, කයිවාරුව පමණක් ඇති ජනපති කෙනෙකු වෙන කුමක් කරන්නද?
එදා මේ රටේ ප්‍රබලම දේශපාලන පක්ෂය වන යූ එන් පී පක්ෂය විනාශ කල පුද්ගලයා මේ රටේ විනාශයටත් වගකිව යුතුයි කියලා ආයේ අමුතුවෙන් කියන්නත් ඕනෑද...? ජේ ආර් ජයවර්ධන මොහු මෙන් "කටින් බතල හිටවන" නායකයෙක් නොවෙයි... එතුමා උගතුන්ගෙන් වැඩ ගත්තා.. මේ පුද්ගලයා වැඩ බැරි ටාසන්ලා (හොර තක්කඩින්) සමග තවමත් ගේම් සෙල්ලමේ යෙදෙනවා... මහදැන මුත්තා වගේ බක පණ්ඩිත කතන්දර කියන්න නම් මොහු හපනෙක් බව මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා. මහජනතාවගේ ඡන්දයෙන් පැරැදිලා, විපරිත ව්‍යවස්ථාවට පින්සිද්ධ වෙන්නට තක්කඩි රැලකගේ ඡන්දෙන් ජනාධිපති වුණු ලෝකයේ එකම පිං ජනපති... දැන්වත් මේ රටේ ජනතාවට පව් නොදී පිනක් දහමක් කරගෙන ජීවත් වෙන්න.
දකුණේදි රනිල්ට බනිනවා. උතුරට ගිහින් මහින්දට බනිනවා. මෙහෙම කූචිකිචයියෙක්නම් මං දැකලාම නෑ. මාලිමා එන්කෙෆලයිටිස් රෝගීන්ට නම් මෙව්වා මරු වැඩ...!
අපි කවදාවත් දැකලා නැහැ මේ වගේ පහත් ශ්‍රේණියේ ජනාධිපතිවරයෙක් හැම අස්සක් මුල්ලක් නෑරම ඕපාදූප පතුරුවනවා. බොරු කීමට කුප්‍රකට අනුරගේ ලක්ෂණය මෙයයි. ඇත්ත වශයෙන්ම, සියලුම එන්පීපී නායකයින් සහ වහලුන් ගිලෙන මහජනතාව රැවටීමට අමූලික බොරු කියති. වහලුන් ක්‍රියා කරන්නේ හිතාමතාම වඳුරන් ලෙසයි.
මොවුන්ට රැස්වීමක් තියාගන්න මිනිස්සු නැතිකම කියන්නෑ ...
අම්මා හිටියා නම් කියන්න තිබුණා. අම්මේ මල්ලි. ජනාධිපති වුණා කියලා. මට බැන බැන. ගම වටේ යනවා කියලා. හැම ඡන්දයක්ම වටිනා නිසයි මෙහෙම කියන්නේ. ජනාධිපති තරගය. වුණත්, ග්‍රාමසේවක තරගය වුණත්.. කලින් අයගේ ජරා වැඩ මතක් කරලා දීලා. අලුත් ආණ්ඩුවට... හොරු නැති මොල ඇති කට්ටිය තෝරා ගන්න ඕනෑ. තමුන් මේ දේවල් කෙරුවාද? මයිනත් කෙරුවේ කෝටි ගණන් මුදල් දෙමින් ජනතාවගේ. මුදල් හොරුන්, තක්කඩියන් අර ගත්තු ර්ක ඒවල සාපේ තමයි මේ. නායකයත් හොරා, පොඩි මිනිහත් හොරා. දැනට ජීවත්වෙලා ඉන්න සේරම ජනාධිපතිවරු අත්අඩන්ගුවට ගන්න. මොවුන් සේරම රටේ මුදල් දේපල සොරාකාලා... ගොබ්බ පැට්වුන්ටත් දුන්නා.
රටම බංකොළොත් කරපු අයට බනින්නේ නැතිව බුලත් තියලා වඳින්න ඕනෑ...?
හිස් මනුස්සයෙක් ඔබ අමතයි කියලා විතරයි කියන්න තියෙන්නේ. මොවුන් කරපු තව හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.
මොන මගුලක් කතාකරනවද? පෙන්ෂන් ගත්තා නම් ගෙදරට වෙලා ඉන්නේ නැතිව... අවුරුදු ගණන් මාමලා, බෑණලා, මචංලා, එකතුවෙලා රටට කරපු දේ තමයි මේ ඉතිරි වෙලා තියෙන්නේ...!
කෛයනායක සහ කජු සීයා නාඩගම
ඩි සිල්ව කයියනායක කිව්වෙ අනුරට නෙවෙයි කියල හිතෙනව. මොකද මෙච්චර කල් වැල් බයිල කියල, ඒවට වෙනස් ඒව කරපු වලව්කාරයො ළඟ පාත්වෙලා නිවට වෙලා එහෙයි කියපු අයට දැන් නිදහස්ව හිතන්න පාලනයක් ලැබිල, ඒ ගැන සතුටු වෙන්න.
චන්දිම, මේයා පැන්ෂන් ගත්තා නෙවෙයි. රටේ ජනතාව විසින් අනිවාර්යය නිවාඩු ඇරියා.
මෙයාව හිරේ දාලා හම ගහන්න ඕනෑ...