(අජන්ත කුමාර අගලකඩ)
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව තමා කිසිසේත්ම නොපිළිගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (29) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
මෙය දේශපාලන වශයෙන් ඉදිරිපත් කරන ලද ද්වේෂ සහගත ලියැවිල්ලක් බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අද (29) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
තේරීම් කාරක සභා වාර්තාව දැඩි සේ විවේචනය කර ඇති ජනාධිපතිවරයා එය කැබිනට් මණ්ඩලය අනුමත කළ ලියැවිල්ලක් ලෙස නොසලකන ලෙස දැනුම් දී ඇත. එම වාර්තාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූ බව පමණක් සදහන් කරන ලෙස ප්‍රකාශ කර ඇති ජනාධිපති සිරිසේන මහතා මෙය රට නොමග යවන ලියැවිල්ලක් බවට ප්‍රකාශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව නම් ප්‍රතික්ෂේප කල යුත්තේ කවුද යයි තීරණය කරලා ඉවරයි.
මෙම කාරක සභාවට වියදම් වූ අපේ බදු සල්ලි අපට ආපසු ගෙවන්න.
එයාට ඕන අන්දමට ඡන්දෙදි යොදා ගන්න අවශ්‍ය පිළිවෙලට ලියලා නැතුව ඇති. ඒකයි.
ජනාධිපතිතුමනි, තව දවස් 18 නේ ඉවසන්න. උඩ කෙනෙක් බලන් ඉන්නවා ලැබෙයි පස්සේ.
වංක මිනිසුන් ඉන්නේ කොතනද එතන විනාශවීම කිසිවිට වැලැක්විය නොහැක. අපගේ මාතෘභූමිය ඉදිරියේ තිබෙන්නේත් එයමය. ඉහළ සිට පහළටම හොර තක්කඩින්ගෙන් පිරී ඉතිරි පැවතීමය. කෙසේ හෝ "තම බලය රැකගැනුමට මේ දෙපැත්තේම අය කොතරම් බොරු කරන්නේද ?
ප්‍රහාරය ඇතිවන වෙලාවේ කවුද ආරක්ෂක ඇමති ?
වාර්තාවේ නම් වරදක් පේන්න නෑ. ලොක්කාගේ ඉඳන් දඬුවම් දෙන්න ඕනෑ...
දැන් ඉතින් ඔබතුමා මොනවද කරන්න කියන්නේ?
මෙතුමාත් මේ අපරාධයට වග කියන්න ඕනේ කියල වාර්තාවේ ඇති. එකයි ඔය වාර්තාව පිළිගන්නේ නැත්තේ. බැඳුම්කර වාර්තාව වගේ තිබුන නම් බලන්න තිබුනා කොහොමද වැඩේ කියලා...
මෙතුමාට අවශ්‍ය විදියට ලියලා නැති නිසා මෙය පිළිගන්නට බැරිව ඇති. ජනාධිපති තාත්තා කියවපු අයට මෙතුමා ගැන අදහසක් ගන්න පුළුවන්...
ජනතාව නම් පටන් ගන්නකොටම දැනගෙන හිටියා කාගේ වුවමනාවකටද ඕක ඇටෙව්වේ කියලා? ඕකේ උන්නු සමහර අය අනියමින් හෝ සම්බන්ධ වූ අය වෙන්න බැරිද..?
ඔයකියන කාරක සභාවේ බැංකු මංකොල්ලයට ගෑවිච්ච හොරෙකුත් ටයි, කෝට් දාගෙන සුදනන් වගේ අනෙක් අයගෙන් ප්‍රශ්න කළා නේද? මෙය ජනතාව විහිලුවට අැන්දීමක් නේද? හොරු ඉඳගෙන හිටිය සභාවක වාර්තාවක් සත්‍ය වන්නේ කෙසේද?
අම්මා නෙවෙයි.., හොරාම පේන කියන වාර්තාවක්නේ..
මේ වගේ කෙනෙක්ගෙන් මීට වැඩ හොද උත්තරයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ? මේ එක්කෙනෙක්ටවත් අපේ ආරක්ෂාව වැඩක් නැහැ. අපේ ඡන්දෙ විතරයි මෙයාලට ඕනේ.
ඒ වාර්තාව පිළිගන්න පුළුවන් තත්වයක් නෑ. ඒ විමර්ශන කරපු විදියත් වැරදි නිසා. පොඩි අයගේ සෙල්ලම් ගෙයක් වගේ. සමහර අය උත්තර දුන්න විදිය දැක්කද? කමිටුවට විහිලු සහගත බොළඳ දේවල් කිව්වේ? කෝ සාක්ෂි ගන්න ප්‍රහාරකයින්ට විරුද්ධව පැමිණිලි කරපු අය කීදෙනෙක් ගෙන්නුවද?මේකට ප්‍රධාන වගකිවුත්තෝ ගැන වචනයක්වත් කියවිලා නෑ. මේක තනිකරම පාලු ගෙයි වළන් බිදිල්ලක්.
වැරදිකාරයා කොහොමත් වාර්තාව ප්‍රතික්ෂේප කරන්න එපැයි. අනේද කියන්නේ?
ඕක මුලුරටම දන්නවා. මේවගේ බොරු කාරක සභාවකට වියදම් කරපු අපේ සල්ලිවලට වගකියන්න ඕනෑ.
ගමරාළ තමයි ඔය ප්රහාරයන්ගේ සිදුවීම් සම්බන්ධයෙන්, සම්පූර්ණ වගකීම ගන්න ඕනෑ. ජනපති තනතුරත් සැහැල්ලුවට ගත්තා වගේම පාස්කු ප්රහාරයන් සම්බන්ධ තොරතුරුත් මිනිහා සැහැල්ලුවට ගත්තා. රටේ අස්ථාවර තත්වයට කෙළින්ම වගකියන්න ඕනෑ ගමරාළයි. ඊයේ කියපු දේ අද මාරුකරණා කිසිම ප්‍රතිපත්තියක් නැති මෙවන් දේශපාලුවන් රටට ශාපයක්...
ප්‍රතික්ෂේප කරන එක නෙමෙයි.. සම්පූර්ණ වගකීම අරගෙන අනුමත කරන්න...
ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඕනා තරම් සාක්ෂි කලින් ලැබුනද ඔවුහු දේශපාලන සෙල්ලමක නිරත වුහ. ඔවුන්ට අවශ්‍ය වුනේ මිනිස් ජීවිත බේරාගැනීමට වඩා අනිකාට වරද පැටවීමටවයි. ඒ සෙල්ලමේ ආනුභාවයෙන් අහිංසකයෝ 300 කට වඩා තම ජීවිත වලින් වන්දි ගෙවුහ. සෙල්ලම් කළ අය යහතින් වැජබෙයි. තවත් ඒ සෙල්ලමේම යෙදී සිටියි. ජනතාවගේ නියෝජිතයින්ගේ පාර්ලිමේන්තුවක වාර්තාවක් පිළිගත් නොහැකිනම් අහෝ ජාතියක අවාසනාව. යහපාලනයට ඡන්දය ප්‍රකාශ කල අයෙක් හැටියට මා වෙන කුමක් කියම්ද?
හොද තීරණයක්. මේ කාරක සභාව හරහා ආණ්ඩුව උත්සාහ කළේ පාස්කු ප්‍රහාරයේ තියෙන බරපතලකම හෑල්ලු කිරීම සහ එයට සෘජුව සහ වක්‍රව සම්බන්ධ දේශපාලකයන්ව ගලවා ගැනීමටයි. මාධ්‍ය සංදර්ශන වලින් එහාට ගිහින් මෙයට සම්බන්ධ සියලු දෙනාටම සාදාරණ පරීක්ෂණයක් තුලින් දඬුවම් ලබා දිය යුතුයි. මෙය මේ රටේ අහිංසක කතෝලික ප්‍රජාව ඉලක්ක කරගෙන එල්ල කළ ප්රහරයක්ම නෙවෙයි. එය ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් ඇති සියලු දේශප්‍රේමි ජනතාව ඉලක්ක කරගෙන දේශද්‍රෝහි අන්තවාදී ත්රස්තවාදීන් කළ ප්‍රහාරයක්. මෙයට සම්බන්ධ සියලු දෙනාටම ජාති ආගම බේදයකින් තොරව දඩුවම් දිය යුතුමයි.
පාස්කු ප්‍රහාරය ගැන ඔබට ලොකු වගකීමක් තියෙනවා. එහෙම බැලුවම මේ වාර්තාව හොඳ වැඩියි. කොහොම වුනත් ගිය අවුරුද්දේ ඔක්තොම්බර් 26 වෙනිදා ඉඳලා ඔබ වැඩ කරන්නේ පොහොට්ටුවේ න්‍යාය පත්රයටනේ. ඒ හින්දා මේ ප්‍රකාශය ගැන පුදුම වෙන්න දෙයක් නෑ.
රටේ ජනතාව හැටියට අපි දන්නවා මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ ඔබතුමා කියලා. ආරක්ෂක මණ්ඩල රැන්වීම් වලට බාධක දැම්මේ කවුද? ආප්ප කාලා ආපු කනා. අපි දන්නවා.
තමන්ගේ වගකීම් විරහිතභාවය ඔප්පුවෙලා තියෙනවනේ. එතකොට කොහොම පිළිගන්නද? රටේ අගමැති , නියෝජ්‍ය ආරක්ෂක ඇමති , පොලිස්පති යන අයව එළවලා තමන්ගේ පුද්ගලික ඕන එපාකම් ඉටුකරන අය දමාගෙන ආරක්ෂක කවුන්සිලේ ගෙනගියා මදිවට ඒකත් හරියටම පැවැත්වුයේ නැහැනේ. අන්තිමට අහක ඉන්න රාජ්‍ය නිළධාරීන් බිල්ලට දුන්නු වගකීමක් නැති පාලකයෙක්.
ඒ කොම්සමේ හිටියෙ කවුද ? රටේ ආරක්ෂාව පිළිබඳ තීන්දු තීරණ ගත යුත්තේ ඒ පිළිබඳ උගත් නිවැරදි නිළධාරින් මිසක අන්තවාදීන්වත් පක්ෂයකට කඩේ යන අයවත් නොවේ. හොරාගෙ අම්මගෙන් පේන බැලුව වගේ. මේවා විහිළු. නිකම් රටේ සල්ලි කාබාසිනියා කරන දේශපාලන වංගු.
වෛද්‍ය පරීක්ෂණයකට දාන්න. ටිකක් පිස්සු වගේ.
මොනවද මේ බහුබූත කතා ? ඒ අයම සභාවක් පත්කරලා දැන් කියනවා වාර්තාව පිළිගන්නේ නෑ කියලා. එතකොට ඒවාට වියදම් කළේ ඒ අයගේ සල්ලිද?
එතකොට මෙයාගේ කට්ටිය පොහොට්ටුවට ගිය එක අනුමතද? වැදි බණ
මේකත් ආණ්ඩුවේ මහබැංකු කොමිසමේ වාර්තාව වගේ තමයි.
මේවා පණ අදින ලෙඩෙක් කියන කතා...
කාරක සභාව ඇත්ත වසන්කර බොරු ලියවිල්ලක් ලියා ඇත්තම් වහාම විනය පරීක්ෂණයක් කර කළු ලැයිස්තුවට ඇතුල් කර නීත්‍යානුකූල දඬුවමක් දෙන්න..
මේකට නම් ලියන්නම හිතුණා. මොනවා හරි මේ යකා නම් රටකට මහා කරුමයක්... ඒ වගේම මෙයා කව්ද රටේ 1වෙනි පුරවැසියා වෙන්න?
එකට වගකියන්න ඕන කෙනා ඔයානේ... පැනලා ගියා. සිංගප්පූරුවේ ඉඳන් බලන් හිටියා... අනෙක් කෙනා පස්සේ ලංකාවට අාවා. එයා ඇවිත් කිව්වා මම ජනාධිපති වෙන්න ඡන්දෙට එනවා. මම ඇවිත් සේරම නැතිකරනවා කියලා..
සම්පූර්ණ වගකීම ජනාධිපති බාර ගත යුතුයි සහ දඬුවමුත් දිය යුතුයි. රටේ ආරක්ෂක මණ්ඩලය රැස්කළ ආකාරයෙන් ඉතා පැහැදිලියි මොහු තමාගේ වගකීම් ඉටු කළ නැති බව. ගෙදර කුස්සියේ රැස්වීම් කරනවා වගේ තමා රටේ ආරක්ෂක මණ්ඩල රැස්කරලා තියන්නේ.
පස්සේ පිළිගනියි. සාක්ෂි දෙන්නේ නෑ කියලා පොළොවේ හැප්පී හැප්පී කිව්ව මනුස්සයා බයවෙලා පස්සේ ගිහින් ලස්සනට සාක්ෂි දුන්නේ..
ගණන් ගන්න එපා. කොහොමත් අපි මෙයා කියන දේවල් පිළිගන්නෑනේ.