IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ජනාධිපති අපේක්ෂකයන් සිය ඡන්දය භාවිතා කළ අයුරු

සජිත් ප්‍රේමදාස ඡන්දය ප්‍රකාශ කරයි

(කේ.ඩී දේවප්‍රිය)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තිස්සමහාරාම කුඩා ගම්මාන 06 අභයපුර  ප්‍රාථමික  විද්‍යාලයේ දී අද (16) සිය ඡන්දය භාවිත කළේය.


ගෝඨාභය රාජපක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අයුරු

ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මිය නුගේගොඩ පැඟිරිවත්ත විවේකාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළ අයුරු.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)


අනුර කුමාර දිසානායක ඡන්දය ප්‍රකාශ කරයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්ත සයිකෝජි පෙර පාසලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළ අයුරු.

(ඡායාරූප - ඉෂාන් සංජීව)


දුමින්ද නාගමුව ඡන්දය ප්‍රකාශ කළ අයුරු

(කේ.බුද්ධික කුමාරසිරි)

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක දුමින්ද නාගමුව මහතා හොරණ ඔලබොඩුව වීර මද්දුම බණ්ඩාර ප්‍රාථමික විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්තානයේදී සිය ඡන්දය භාවිතා කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.


එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ඡන්දය ප්‍රකාශ කරයි

(ටී.එල් ජව්ෆර්කාන්)

ජනාධිපති අපේක්ෂක එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා කාත්තාන්කුඩි මිල්ලත් බාලිකා  විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළ ආකාරය.


ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ  ජනාධිපති අපේක්ෂක ඡන්දය ප්‍රකාශ කරයි

(එස්. ඒ. වයි. ද සිල්වා)

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක අරුණ ද සොයිසා මහතා කොස්ගොඩ ගණේගොඩැල්ල රජ මහා විහාරස්ථානයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.


අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියෝ ඡන්දය ප්‍රකාශ කරති

(පුෂ්ප කුමාර මල්ලවආරච්චි)

ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියෝ අද (16) මීරිගම පමුනුවත්ත  හේනේපොල විද්‍යාලෝක විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිතා කරනු ලැබූහ.



අදහස් (9)

ජනාධිපති අපේක්ෂකයන් සිය ඡන්දය භාවිතා කළ අයුරු

Nissanka Saturday, 16 November 2019 03:51 AM

කෝ අපේ ගෝඨාභය උන්නැහේ? ආ මට අමතක වුණා. ඇමෙරිකන් පුරවැසියන්ට ලංකාවේ ඡන්දෙ නෑනේ...

:       738       282

යාපාSaturday, 16 November 2019 09:10 AM

ඇස් ඇරලා බැලුවා නම් තව ටිකක්..

:       206       112

Fernando Saturday, 16 November 2019 04:01 AM

තමුන්ගේ ඡන්දෙවත් බිරිඳගේ, දරුවන්ගේ ඡන්දෙවත් දාගන්න බැරි ඇමෙරිකන් පුරවැසියන්ට එයාලගේ ලාංකික පුරවැසි, හරකබාන පෝලිමේ ගිහින් ඡන්දෙ දානවලු..

:       356       640

RasikaSaturday, 16 November 2019 06:10 PM

පක්ෂ වහලුන් ඉන්න රටක මොන දියුණුවක්ද ? සත්‍ය පෙනිලත් පිළිගන්න බැරිකම.

:       0       0

suranjith Saturday, 16 November 2019 04:08 AM

සජිත් මැතිඳුනි, ඔබට ජය නියතයි... දුප්පත් අපි වෙනුවෙන් ස්වභාවධර්මය විසින් අපේ දෑතෙන් ජය ගෙනෙනු ඇත..

:       1628       645

රජින්ද Saturday, 16 November 2019 05:07 AM

මරු අපේක්‍ෂකයින් සෙට් එක... ගෝඨාගේ ගැම්මත් එක්ක හැරෙන්නවත් පුළුවන්ද?

:       360       1144

siri Saturday, 16 November 2019 05:17 AM

විකාර තමයි... පව් නේද?

:       25       5

kamal Saturday, 16 November 2019 08:42 AM

මොන ගැම්මක්ද?

:       41       41

සනත් ඉතාලිය Saturday, 16 November 2019 09:51 AM

නාලක, ප්‍රනාන්දු ඔයාලා ඡන්දෙ දාන්න ගියේ රත්මලානේ තියෙන අඳ, ගොලු, බිහිරි පාසලට නේද?

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1870 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1507 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site