(නිමල කොඩිතුවක්කු)

ජනතාවාදී ජනහිතකාමී රටක් හා රජයක් ගොඩනැගීම වෙනුවෙන් එජාප සජබ එකට එකතු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

පිටපිට අවස්ථා ගණනාවක් මංමුළා වී වැරදි තීන්දු ගත් යුගයක ඒ වැරදි තීන්දුවල ප්‍රතිඵල ලක්ෂ 220 ජනතාව අත්විඳින යුගයක දක්ෂිණාංශික වාමාංශික නොව පොදු ජන කඳවුර ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ දී දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ 84 වැනි ජන්ම දින සැමරුම හා එක්වෙමිනි. ගාමිණී දිසානාක මහතා ⁣අපේක්ෂා කළ රට කෙත්වතු සරුසාර කළ ආහාර සුරක්ෂිත භාවය සහ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දී ශක්තිමත් කරන පොදුජන කඳවුර නිර්මාණය කළ යුතු බවත් එවැනි එකතුවකට සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එක්ව මුල පුරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

IFrame