(යොහාන් භාසුර)

අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 36 ක් මේ වන විට සූදානමින් තැබීමට නාවික හමුදාව පවසයි.

අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා බටහිර නාවික විධානය මඟින් රත්නපුර ප්‍රදේශයට සහන කණ්ඩායම් 02 ක් සහ කළුතර ප්‍රදේශයට සහන කණ්ඩායම් 04 ක් යොමු කර ඇති බවත් අවශ්‍යතාව අනුව කඩිනමින් ස්ථානගත කිරිම සඳහා බටහිර නාවික විධානයේ නාවික හමුදා සහන කණ්ඩායම් 21 ක් සහ දකුණු නාවික විධානයේ නාවික හමුදා සහන කණ්ඩායම් 09 ක් ද සූදානම් කර ඇති බවත් නාවික හමුදාව සඳහන් කළේය.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.