
(යොහාන් භාසුර)
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ සෙට්ටිකුලම් මැණික් ෆාම් ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථාන ක්‍රීඩාංගනයේදී පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ කීවාය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මන්ත්‍රීවරියන් පිරිසක් පාර්ලිමේන්තුවට තේරීපත් වී ඇති පාර්ලිමේන්තුව මෙය වන අතර මීට පෙර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ටම මන්ත්‍රීවරියන් සියයට 5 කටත් වඩා අඩු පිරිසක් සිටි බවත් ඇය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 52 ක්ම කාන්තාවන් වීම නිසා රටේ ආර්ථිකය රැකගන්න, පවුල් සංස්ථාව පවත්වාගෙන යන, සමාජය පවත්වාගෙන යන්න විශාල වැඩකොටසක් කළත් කාන්තාවන්ට පැවති නියෝජනය ඉතාමත් අඩු බවත් ඉතින් ඊලඟ මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කයෙන් සහෝදර මන්ත්‍රීවරු පමණක් නොව මන්ත්‍රී සහෝදරියන් වැඩි පිරිසක් පාර්ලිමේන්තු එවන්න ලෙස ඉල්ලා සි්ටින බවත් ඇය පැවසුවාය.

2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
Gihan Monday, 21 April 2025 03:32 PM
අනේ හරි ශෝක්. එයා සූදානම් ලු.
රම්බොඩ Monday, 21 April 2025 04:12 PM
මෙයාලා තමයි ජාතීන් අතර නැති ප්‍රශ්ණ මවන්නේ. රටේ තිබුණේ කොට් ත්‍රස්තවාදය කියලා කියන්න තරම් කොන්දක් නෑ. දේශපාලන නිවටයින්ට.
Rana Monday, 21 April 2025 05:57 PM
අපි හිතුවෙ ඇහුම්කම් දීලා බලයට අවා කියලා... ඈන්දුනාදෝ මන්දා!
Ashen Tuesday, 22 April 2025 07:28 AM
අපිත් සූදානම්