(අංජුල මහික වීරරත්න)

ජනතාවට අවශ්‍ය අත්අඩංගුවට ගැනීම් ගැන ජනාධිපතිගේ අදහස් දැක්වීම් නොව ජීවන වියදමට පිළිතුරක් බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සහ විමර්ශන පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමින් කාලය වැය නොකර ජීවන වියදමට උත්තර දෙන්නැයි ද නාමල් රාජපක්ෂ මහතා කියයි.

නාමල් රාජපක්ෂ මහතා මේ බව පවසන්නේ නිවේදනයක් නිකුත් කරමිනි.

රට පුරා සිටින පවුල් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතාවලට ජනතාව ජනාධිපතිවරයාගෙන් විසඳුම් අපේක්ෂා කරනවා මිස, දැනට ක්‍රියාත්මක විමර්ශන සහ නීතිමය ක්‍රියාදාමයන් පිළිබඳව ඔහු සිදු කරන ප්‍රකාශයන් කෙරෙහි ජනතාවගේ උනන්දුවක් නොමැති බවද රාජපක්ෂ මහතා කියයි.