(අංජුල මහික වීරරත්න)
ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු කිරීමේ විශාලම කාර්යභාරය පැවරෙන්නේ රාජ්‍ය සේවකයින්ට බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට අධිකරණ අමාත්‍යාංශයට විශාල වගකීමක් තිබෙන බවද නානායක්කාර මහතා කීය.
හර්ෂණ නානායක්කාර මහතා මේ බව කීවේ 2025 නව වසරේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් අද (01) අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සවය අමතමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති Clean Srilanka ජාතික වැඩ සටහනේ සමාරම්භක උත්සව විකාශය නැරඹීමේ අවස්ථාවට අමාත්‍යාංශයේ නිලධාරීන් එක් වු අතර, Clean Srilanka පුරවැසි ප්‍රතිඥාව ප්‍රකාශ කිරීම ද මෙහිදී සිදු විණි.
හූනු බිජුවටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානාය
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජනතාව පැතූ වෙනසේ ලොකුම පංගුව රාජ්‍ය සේවකයන්ටයි
Kazi Shajahan Wednesday, 01 January 2025 03:08 PM
තාම විසිල් විතරයි, බල්ටි නැහැ. කයිය නායකයෝ කිව්වම අපි අද පිළිගත්තේ නැහැනේ...
ගුණරත්න Wednesday, 01 January 2025 03:14 PM
හැබෑව, ඒත් රාජ්‍ය සේවය වෙනුවෙන් කරපු වැඩක් තමයි පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සේවකයින්ට රාජ්‍ය ද්‍රෝහීන් කියලා හංවඩු ගහලා හිරේ දාන්න දත කාපු එක. ඒකෙන් අපට තේරුණා මේ මහත්තුරුන්ගේ කෙරුවාව.
Lalla Wednesday, 01 January 2025 03:59 PM
ඔව් ඇමැතිතුමා රාජ්‍ය සේවයේ ඉන්න නිකම්ම පඩිගන්න නියමිත රාජකාරියක් නැති සංවර්ධන නිලධාරීන්ගෙන් පටන්ගන්න. අතිරික්තය ඉවත් කරන්න.
Nilantha Wednesday, 01 January 2025 04:13 PM
අවුරුදු 76 ක් හිටපු දේශපාලුවෝ රට කෑවා කියලා තමයි බලයට ආවේ දැන් කියන්නේ ඔක්කෝම වැරැදි කරන්නේ රජයේ සේවකයෝ කියලා නේද මේ කියන්නේ ඇත්තෙන්ම පසුගිය අවුරුදු 76 ම රට කෑවේ මේ ඇමැතිවරයා කියන පිරිසම තමයි එයින් බේරෙන්න සමගි පෙරමුණ ආණ්ඩුව පැවැති කාලයේ දිසාපාලන අධිකාරිය කියලා අටමගලයක් අටවාගෙන තිබුණා. ඉන් පස්සේ දිසා ඇමැතික්‍රමය ඇතිකළා ඉන් පස්සේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු අටවාගෙන තියෙනවා. ඒවායිනුත් වැඩක් නොවෙන්නේ... සමහරක් නිලධාරි ඒවා සතයකට ගණන් ගන්නේ නැහැ. ඒවායේ තීරණ ක්‍රියාත්මක නොකරන නිලධාරින්ට දෙන දඬුවමකුත් නැහැ...
vernonThursday, 02 January 2025 12:54 PM
ඔය කමිටු වලට රටේ අමුතුවෙන් නීති හදන්න බෑ. ඒ නිසා නිලධාරීන් පවත්නා නීතිය අනුගමනය කළා කියලා වැරදි නෑ.
Perera Wednesday, 01 January 2025 04:57 PM
පෙර ආණ්ඩුවල දේශපාලන ගැත්තෝ රාජ්‍ය ආයතන වල ඉන්නකන් මේ ආණ්ඩුවේ වැඩවලට කකුලෙන් ඇදීම නතර කරන්න බැහැ. එහෙම අයව හඳුනාගෙන එක්කෝ ඒ අයව හදලා ගන්න. නැතිනම්... ගෙදර යවන්න ක්‍රමවේදයක් හදන්න.
ජයනාත් Wednesday, 01 January 2025 06:22 PM
කතාව ඇත්ත.. රාජ්‍ය සේවකයන් තමන්ගේ රාජකාරි මීට වඩා සැලකිලිමත් ලෙස ඉටු කල යුතුය .
prasanna Thursday, 02 January 2025 12:39 PM
රජයේ සේවකයාගේ චන්දේ අරගෙන දිනුවට පස්සේ, දැන් හැම තැනම බැනමින් යනවා. කැතයි හොඳේ!
Latha Thursday, 02 January 2025 01:27 PM
"කරන්න පුළුවන් ලොකුම උදව්ව 50% සේවයෙන් ඉවත් වෙලා යන එකයි. ඔහේලාගේ පඩි පෙන්ෂන් පොදු ජනතාවට දරන්න බැහැ. ඒක නිසා කරුණාකර අයින් වෙලා යන්න."
Lal Silva Friday, 03 January 2025 06:01 AM
දැන් තුට්ටු දෙකේ පඩි ගන්න රාජ්‍ය සේවකයින්ගේ ඇඟේ ගහලා බේරෙන්න යනවා! මීට ඉස්සෙල්ලා ගිය ආණ්ඩු වල වැරදි! අවුරුදු 70 ක් වැරදියට කලා අපට දීපන්, ඔන්න දුන්නා! ඉතින් 70 වැරදි ඉවරයි, ඒ කතා දැන් බෑ! අවුරුදු 20 ක ප්ලෑන් ලු! එතකොට ඊට පෙර 60 පැන්න නාකි ටික ඖෂධ නැතිව මැරෙන්න ඕනද? අදට පෙන්ශන් එකෙන් 1/3 යනවා බෙහෙත් වලට!