(ඩයනා උදයංගනී)
වර්තමාන ඇමති මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත්කළ එකක් නොවන බවත්, එම ඇමතිධූර නිර්මාණය කිරීම හා ඒවාට ඇමතිවරුන් නම් කළේ බැසිල් රාජපක්‍ෂ මහතා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ජනතාව අතර විහිළුවට ලක්වූ මැටි, කුරුඳු ගම්මිරිස් මෙන්ම තමාට ලැබුණු බතික් ආදී රාජ්‍ය අමාත්‍යධූර නිර්මාණය කළේ ද බැසිල් රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන් බව ද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
තමා සහ ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් වැඩක් නොගෙන පැත්තකට කර තබා ඇත්තේත් ඔවුන් බව කී රාජ්‍ය අමාත්‍යවරයා වර්තමානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ ආණ්ඩුව පත්කළ කොටසක් නොවන තැනකට පත්කර ඇතැයි ද කීවේය.
ආණ්ඩුවට සියලු පක්ෂ එක්කර නොගෙන තනි ගමනක් යාම අපහසු බව ද පැවසීය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කුරුණෑගල ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ අවස්ථාවකට එක්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට ඇවිත් ඇමතිකමක් ගත්තා කියා පසුවදා උදේට සුරබිදෙන පහළ වන්නේ නැතැයි කී දයාසිරි ජයසේකර රට තුළ පවතින අර්බුදය සම්බන්ධයෙන් රටවැසියන් දැනුවත් කළ යුතු බව ද කීවේය.
මේ වන විට රට තුළ විශාල ආර්ථික අර්බුදයක් ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා රටේ ඩොලර් හිඟයක් පවතින බවත්, 2025 වසර වෙද්දී ණය ගෙවීම සඳහා ඩොලර් බිලියන 29ක් අවශ්‍ය බවත් පැවසීය.
මෙම ගැටලුව බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු පැමිණි විට විසඳෙයි කියමින් නොසිට ජනතාවට ඇත්ත තත්වය කියා ආර්ථිකය ගොඩගන්න දායක වන්නේ කෙසේද යන්න ඔවුන්ට පැහැදිලි කළ යුතු බවද දයාසිරි ජයසේකර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
20 ට අත් උස්සලා දැන් නිකම් බයිලා ගහන්නේ නැතුව ඉන්න.. කියකිය ඉන්නේ නැතුව එනවකෝ එළියට... ඔය කෙහෙම්මල් පොහොට්ටුව අතෑරලා.
මොන මගුලකටද එල්ලිලා ඉන්නේ...? හොඳ නැතිනම් දාලා යන්නකෝ?
වවුලාගේ මගුල් ගෙදර ගියා නම් දැන් එල්ලිලාම හිටු. අඬන්න බැහැ. එහෙම ඉන්න බැහැ කියලා අපි යන්න කිව්වේ නැහැනේ....
අවංකව වැඩකරන මිනිසා පසුපස නිරන්තරයෙන් තනතුරු හබා එන අතර "වැඩකරන මිනිසා තනතුරු පසුපස හබා නොයන බවය". මෙය අප සැමටම පුදුය.
මම දන්නා විදියට මෙයාට දෙන කිසිම දෙයක් හරියට කරල නැහැ. බතික් කර්මාන්තය කියන්නේ කොතරම් විදෙස් විනිමය උපයන්න පුළුවන් එකක් ද.
බතික්, මැටි, කුරුඳු ඇමතිලා සැප ගත්තු... ගම් මිරිසෙන් සැපට ගැරුවේ වැදගත්තු ... ඇමතිල ලෙසින් වැජඹී ගජ පොහොසත්තු ... කළගුණ නොදැන අද බනිනා මනුසත්තු ...
වැඩ බැරි මිනිස්සුන්ට පොළව ඇදයි නේද? අපේ රටේ පාරම්පරික වගේම විශාල විදේශ විනිමයක් ලබාගත හැකි කර්මාන්තයකටනේ... මේ අගෞරව කරන්නේ තමන්ගේ වැඩ බැරිකම වහගන්න...
අපිට නම් ඔහෙලා ඔක්කොම විහිළු සපයන රටේ සල්ලි කන කූඩැල්ලෝ...!!!