
(ඩයනා උදයංගනී)
ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙතෙක් පැවැති අර්බුදය දැන් මහජනයාගේ හූ හඬ මැද්දෙන් දැන් පුපුරා යමින් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මේ පුපුරා යාම පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටත සිදු විය හැකි බවත්, පාර්ලිමේන්තුවෙන් පිටත විය හැකි බරපතලම පුපුරා යාම රාජ්‍ය අංශයේ නැගී සිටීම බැවින් එය පාලනයට සහන පැකේජය ලබාදුන්නා විය හැකි බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත්කිරීම හා ජනාධිපති විවේචනය කරන පිරිස් අත්අඩංගුවට ගන්නා බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ මර්දනය කැඳවමින් ඇති බව යැයි ද පාඨලී චම්පික මහතා කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
නැව් දෙකක් වරායේ නවතාගෙන ණයවර ලිපි විවෘත නොකර සිටීම හේතුවෙන් පෙට්ට්‍රල් හා ඩීසල් බා ගැනීමට නොහැකි වී ඇතැයි කී පාඨලී චම්පික රණවක මහත ඊළඟ දින අට ඇතුළත ණයවර ලිපි විවෘත නොකළහොත් පෙට්ට්‍රල්, ඩීසල් හිඟයක් ඇතිවිය හැකි බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බන් නුඹලගේ කයිවාරු.. 2015 ඉඳන් 2019 වෙනකම් නුඹලා මොනවද කළේ... ඔක්කොම එකයි. අහිංසක ළමයි හප්පලා හැංගුණා බයගුල්ලා.
මෙයා පාට ලී නෙවෙයි කණාටු ලීයක්... ජනාධිපති වෙන්නනේ බලාගෙන ඉන්නේ. හරිනම් මෙයා කරපු දේවල්වලට ඉන්න ඕනේ ඇතුලේ...
තවත් වෙන්න ජනපති කෙනෙක්... අර්බුද මැදින් එන්න හදන....
දුශිත බලලෝබි පවුල් පාලනේ පෙන්වපු ආසියාවේ ආස්චර්ය සහ සෞභාග්‍යයේ දැක්මේ තියෙන හොඳකම ? හූ කියලා නවතින එකක් නැහැ, ජනතාව රවට්ටපු සාපෙට මොනවායින් මොනවා වෙයිද කවුද දන්නේ ?
අඩු තරමින් හැප්පුණු ළමයා බලන්න ගියේ නැහැ. මානව දයාව පිටාර ගලනවා.
බහුබූත දොඩවනවා.
මේ ආණ්ඩුවත් බොරුවෙන් කෙළවර වෙන බව දැනගෙන හිටියා. එකම දේ මේ අය මෙන් නොව ඔබතුමන්ලා ජාතිවාදය මාකට් කරන්නෙ නැති එකයි. ඒ වුනත් මෙවර ඔය උගත් ආචාර්යවරු මහාචාර්යවරු දේශපාලකයන්ට කඩේ නොගියොත් හොදයි. මොකද කියනවානම් මේ යන සිස්ටම් එකට කවුරුත් කට්ටියත් සංවර්ධන ව්‍යාපෘතිවලට ආස වෙනවා. පේන් නැද්ද කන්න බොන්න නැති දුප්පත් ගැමියො ඉන්න පැතිවලත් ඇවිදින මංතීරු හදන්න ඕනෙ කියල හඩා වැටෙන උදවිය.
මේ සෑම තෙල් නැවක්ම ඇමෙරිකානු ඩොලර් 3000000කට වඩා වාරික මිල ගෙවා නැව් සමාගමට දිනකට ඩොලර් 30000ක් පමණ වරායේ ප්‍රමාද වන්නේ මේ ආණ්ඩුවේ නොදැනුවත්කම නිසාය.
මට දේහපාලන පක්ෂයක් නැහැ. රටට වැඩක් වෙනවා කියලා හිතෙන විධිය මේකයි.
වෙලාවට අනික් පැත්තේ වුන්නේ... ආණ්ඩුවට හේත්තුවෙලා උන්නා නම් අනික් පැත්තට පනින කාලෙ නේද?
අහිංසක තරුණයෙකුට කළ දේම හොඳටම ඇති මෙයාව මහ උළු ගෙදරට යවන්න. ජනපති මැදුරට නෙවෙයි. වගකීමක් බාරගන්න බැරි කාලකණ්ණි. වරෙල්ලා ඡන්දෙ ඉල්ලන්න...!