IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


‘‘ජනතා ගැටළු කතා කරන්න ආණ්ඩුවේ තැනක් නෑ‘‘

(ඩයනා උදයංගනී)

ආණ්ඩුවේ පක්‍ෂ 11කට වෙනම වේදිකාවකට ගොඩවී රටේ සහ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නට සිදුවූයේ රටේ ප්‍රශ්න කතා කිරීමට ආණ්ඩුව තුළ වේදිකාවක් නැති නිසා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) පැවසීය.

ආණ්ඩුවේම පක්‍ෂ 11ක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් 30 දෙනකු වෙනම වේදිකාවකට ගොඩවීම ආණ්ඩුවට හොඳ දෙයක් නොවන බවත්, තමන් මෙතැනට වැට්ටවීම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිව යුතු බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

රටේ ජනතාව වර්තමානයේ මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීමේදී ආණ්ඩුව නම්‍යශීලී සහ නිහතමානී විය යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා ගතවූ වසර දෙකේදීම රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් සංවාදයක්, සාකච්ඡාවක් කිරීමට අවස්ථාවක් ලැබී නැතැයි ද කීවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රටෙහි පවතින වත්මන් ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් විසින් සකසන ලද “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී අද (2) පස්වරුවේ පැවති උත්සවයට එක්වෙමිනි.

 



අදහස් (0)

‘‘ජනතා ගැටළු කතා කරන්න ආණ්ඩුවේ තැනක් නෑ‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site