
(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, ඔක්තෝබර් 4 වැනිදාට කල් පිරෙන ඇමෙරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්වය බැඳුම්කරයට අදාළ මුදල සහ නියමිත පොළී මුදල් ගෙවා අවසන් කළ බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඔක්තෝබර් 4 වැනිදා, ඉරිදා දිනයක් බැවින් අද (2) දිනයේදී අදාළ ගෙවීම් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කර තිබිණි.
නියමිත වේලාවට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය පියවීම මඟින් ශ්‍රී ලංකාව ව්‍යාපාරික ප්‍රජාවට, ආයෝජකයන්ට සහ විදේශ වගකීම්වලට මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට ලබා දී තිබෙන පොරොන්දු ඉටු කරන බව නැවත වරක් තහවුරු වන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
අදාළ මුදල් පියවීම හේතුවෙන් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ ඊට ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ණය අවදානම් ශ්‍රේණිය බී2 මට්ටමේ සිට සී.ඒ.ඒ.1 මට්ටම දක්වා පහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණි ගත කිරීමේ ආයතනයක් වන මූඩීස් ආයතනය ඉකුත් දා පියවර ගෙන තිබිණි.
මේ අතර ශ්‍රී ලංකාව ණය වාරික සහ ණය පොළී නියමිත පරිදි නියමිත වේලාවට ගෙවන බව නැවත නවැත අවධාරණය කළ යුතු බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉකුත් දා කොළඹදී පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන ආණ්ඩුවේ මුල්‍ය කළමනාකරණයටත්, මංගල, එරාන්, හර්ෂ ඇතුළු සියලු කලමනකරුවන්ටත් පිං සිද්ද වෙන්න ඉතුරු කරපු විදේශ සංචිත ඉවර වෙනකන් ගෙවන එක අමාරු දෙයක් නොවේ.
හොඳ පුවතක්.... සමහරුන්ට නම් එය හොඳ පුවතක් නොවේ.
ණය ගත්තම ණය ගෙවන්න ඕන. ඕකට කයිය ගහන එක ලොකු දෙයක්ද.?