
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකදි මත් කුඩු කිලෝ 250ක් සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය හා එක්ව නාවික හමුදාව ශ්‍රී ලංකාවට දකුණු මුහුදේ නාවික සැතපුම් 900ක් (කිලෝ මීටර් 1665ක් පමණ) වූ ජාත්‍යන්තර මුහුදේ දින ගණනාවක් කළ මෙම විශේෂ මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ එම යාත්‍රාවේ සිටි විදේස් ජාතික සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක ආරක්‍ෂාව යටතේ ගොඩබිම වෙත රැගෙන එමින් පවතී.
ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළදී ගොඩබිම වෙත රැගෙන ඒමෙන් පසු මෙම මත්ද්‍රව්‍ය රැගත් සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ විදේස් ජාතික සැකකරුවන් 06 දෙනා පිළිබඳ ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතව ඇත.
මෑතකදී ශ්‍රී ලංකා නාවික හමුදාව ගැඹුරු මුහුදේදී සිදු කළ මහා පරිමාන මත්ද්‍රව්‍ය වැටලීම් මඟින් 2021 අගෝස්තු මස 30 වන දින හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290 අධික තොගයක් රැගත් මෙරට බහුදින ධිවර යාත්‍රාවක් ද, 2021 සැප්තැම්බර් මස 04 සහ 10 වන දිනයන්හීදී පිළිවෙලින් හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 336කට සහ කිලෝ 170කට අධික මත් තොගයන් ප්‍රවාහණය කරමින් තිබූ විදේශය ධිවර යාත්‍රා දෙකක් ද නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට සමත් විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට දෙන්නේ නැතිව වෙන කවුරුහරි ගෙන්නවපු එකක්ද දන්නේ...?
මේවාට සම්බන්ධ බලධාරියෙක් නේද ඊයෙ පෙරේදා ඔත්තුව ලැබුණු ගමන් හොරෙන්ම ගිහිල්ලා රත්තරන් හෑරුවේ පුල්මුඩේ පැත්තේ...? පාර්සල් කරලාම අතට හම්බවෙන කුඩුවලට මෙවන් නිලධාරීන් මොනවා නොකරයිද?
ආරක්ෂාකාරීව ගොඩබිමට ගෙන්වන අලුත්ම ක්‍රමයද කියලත් හිතෙනවා.
අපි හරිදේ හරි විදිහට දකින්න පුරුදු වෙන්න ඕනේ... නැතිනම් ගෙදර තියෙන වතුර වීදුරුවේත් කිඹුලන් දකීවි..