(අජන්ත කුමාර අගලකඩ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක් තෝරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත.
විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට අධිකරණය ඇමති අලි සබ්රි,ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරු පත් කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට රජය තීරණය කර ඇති අතර, එම කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා මෙම කමිටුව පත් කර ඇත .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සදහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ලබන මස මැදදී වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ඔයගොල්ලන්ට මොලයක් පෑදෙන්නේ නැද්ද? ඔය විශේෂ කමිටුවට පත්කරලා ඉන්න ඔක්කොම අසාර්ථකයින් ඉන්න කණ්ඩායමක්. තවත් කල්මරලා රට තවතවත් අගාධයකට ඇදලා දාන්නේ නැතුව නම්බු පිටින් ඉල්ලා අස්වෙන්න.
පත්කරපු කමිටු ගණන මතකද?
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ලබන මස මැදදී වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතය ." අවුරුදු වලට ගෙදර ගොහින් එන්න යනවා ඇති මයෙ හිතේ.
මල්ලිව පත්කරන්න එපා... එයා 10%ක් ඉල්ලයි.
අවුරුදු 12 ක වයස දරුවෙකුට තේරෙන දේ ඔබලාට තේරුමක් නැති බව පැහැදිලියි. තවත් වද නොදී ගෙදර යන්න.
අඩුම ගානේ රටේ ප්‍රධාන ආයතන වලටවත් සුදුස්සන් පත් කරන්න. ආර්ථික විද්‍යාව ගැන මෙලෝ දෙයක් දන්නේ නැති මනුස්සයෙක් කොහොම මේ දේවල් තේරුම් ගන්නද? ඒ දෙයක් ගැන දැනුමක් තියෙන මනුස්සයෙක්ටනේ විසඳුමක් මතක් වෙන්නේ...
ඔය කමිටුවල ඉන්න බහුතරය දැනට වෙනත් වගකීම් දරන අය. මේවා භාරධූර වගකීම්... ඉතින් මෙවැනි දැනටත් ඉතා කාර්යබහුල අයට තවත් වැඩ පැටවීම එම කාර්යය හරියට ඉටු කිරීමට මහත් බාධකයක්. මෙවැනි අතිශය වැදගත්, පරම්පරා ගණනාවකට බලපාන තීරණ ගැනීමේදී එම කාර්යය සඳහා කාලය ඇති, දැනුම සහ පරිචය ඇති පුද්ගලයින්ව මුල්කොට ගත යුතුයි. මේ කෝකටත් තෛල කමිටු සාමාජිකයින් විතරද මේ ආණ්ඩුවට ඉන්නේ? හිටියා නේද මහවියත් සභාවක්?… ඒ අය හරි මදිද?.. නැත්නම් කර අරිනවාද?.. කරුණාකර රජයේ මහත්වරුනි, මේවා ගැන ටිකක් හිතන්න...
ඒ කමිටුවටත් අවවාද, අනුශාසනා කරන්න තව කමිටුවක් පත් කරන්න...
මේ කාලකණ්ණි ආණ්ඩුව රටට සාපයක්...
අපේ වාසුදේව සහෝදරයා ඔය කමිටුවේ සභාපති කමට පත්කලොත් නරකද?
එක දෙයක් 100% පැහැදිලියි. අපිට කෙළවෙලා ඉවරයි. ආයේ ගොඩඑන්න බෑ. පුළුවන් තරම් දරුවෝ පාරවල් අතු ගාන්න හරි පිට රටකට යවන්න. මෙහේ ඩොක්ටර්, ඉංජිනේරුවරයෙකුට වඩා යුරෝපයේ පාරක් අතු ගාන එක හොඳයි. අත් දැකීමෙන් කියන්නේ....