
(යොහාන් භාසුර)
ජාතික හැදුනුම්පත් සේවා ගාස්තු ලබන නොවැම්බර් මස 1 වැනිදා සියයට 100 කින් ඉහළ දමමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් අද (13) රාත්‍රී නිකුත් කර තිබේ.
ඒ අනුව පළමුවරට ජාතික හැඳුනුම්පතක් ලබාගැනිමට ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට මෙතෙක් අයකළ රුපියල් 100 ක ගාස්තුව රුපියල් 200 ක් දක්වා ඉහළ දමා තිබේ.
ජාතික හැනුම්පතේ අනු පිටපතක් නිකුත් කිරීමේ මෙතෙක් පැවැති රුපියල් 500 ක ගාස්තුව රුපියල් 1,000 ක් දක්වා ද, ජාතික හැනුම්පතේ සංශෝධිත සහිත අනු පිටත් නිකුත් කිරීමේ පැවැති රුපියල් 250 ක ගාස්තුව රුපියල් 500 ක් දක්වා ද, කල්ඉකුත් වූ ජාතික හැදුනුම්පතකට නව හැදුනුම්පතක් නිකුත් කිරීමට මෙතෙක් අය කළ රුපියල් 100 ක ගාස්තුව රුපියල් 200 ක් දක්වා ද, ඉහළ දමමින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික හැඳුනුම්පත් හදන්න කියලා අපේ රුපියල් කෝටි 266ක් පිල්ලි ගහලා ආයෙත් අපෙන්ම සල්ලි ගන්න එකේ සාදාචාරයක් තියෙනවද? අර කෝටි 226 පිල්ලි ගහපු අයගෙන් ඒවා ආපහු ගන්නේ නැතුව. ලංකාවේ පිල්ලි ගගහ මිනිස්සුන්ගෙන්ම අය කරන එක දැන් පුරුද්දක් වෙලා. මාධ්‍ය ඉස්සරහ කයිය නම් ගහනවා. ඒ වුණාට කරන වැඩක් නම් නෑ. එකවැඩයි දේශපාලඥයින් අපේ රටේ හරියට කළේ... අහුවෙන් නැතුව හොරකම් කරපු එක විතරයි...!