(නිමන්ති රණසිංහ)

ආර්ථික ස්ථායිකරණයට අදාල කෙටිකාලීන සහ මධ්‍යකාලීන  ගැටළු හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව වෙනුවෙන් ඩිජිටල් වේදිකාවක් සකස් කර ඇතැයි එම අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මෙම වේදිකාවට ලංකා මහ බැංකුවේ සහ  මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් මහාචාර්ය  රොහාන් සමරජීව මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් සම්බන්ධවූහ.. රටේ ණය තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේදී අවධාරණය කරගත යුතු  ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන්  මෙහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත.

මෙම  ඩිජිටල් වේදිකාවේදී අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුවේ ආචාර්ය ඉසෙඩ් ආසිම් මහතා සඳහන් කර ඇත්තේ ලබන ජනවාරි මාසය වනවිට ආර්ථිකයේ යම් සහනයක් බලාපොරොත්තු විය හැකි බවයි.