IMG-LOGO

ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව රැස්වේ

(අංජුල මහික වීරරත්න)

නිදහස් සෞඛ්‍ය සේවාවේ  අනාගත ප්‍රගමනය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය සහ මඟපෙන්වීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ගැනීම පිණිස පවත්වනු ලබන "ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව" (NHDC) අද (30) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී රැස්විය.

මෙම විද්වත් කතිකාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් අමාත්‍යාංශ, ලෝක සෞඛ්‍ය සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව, යුනිසෙෆ් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන, මෙරට විශ්ව විද්‍යාල, විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන මෙන් ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ සහ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වත්හු  සහභාගී වූහ.

ජනතාවට ගුණාත්මක, ඵලදායි හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙන් ම ඉදිරි  කාලයේ මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්ති හා උපාය මාර්ගික සැලසුම්  සකස් විය යුතු ආකාරය පිළිබඳව ද මෙම විද්වත් කතිකාවේ දී ඉතා පුළුල්ව සලකා බලනු ලැබී ය.

මෙවර අයවැයෙන් සෞඛ්‍ය අංශයේ ඉදිරි ප්‍රගමනය සදහා වෙන්කරන ලද මුදල් නියමිත ආකාරයෙන් එම අංශ සහ ක්ෂේත්‍ර සඳහා ම යොදවමින් විධිමත් සෞඛ්‍ය සේවාවක් මෙරට ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් මෙම විද්වත් කතිකාව පැවැත්වීම විශේෂත්වයකි.



අදහස් (0)

ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව රැස්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 260 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 440 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 785 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site