








(අංජුල මහික වීරරත්න)
ආගම් හා ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරි වසර දෙක තුළ රටෙහි ස්ථාපිත කළ යුතු යැයිද එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ආරම්භ කළ ඒ ක්‍රමය වර්තමානය වන විට සිංගප්පූරුව තුළ ක්‍රියාත්ම වන්නේ යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද (22) පැවැසීය.
පොදු ක්‍රමවේදයක් සැකසීම සඳහා කරුණු අධ්‍යයනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිංගප්පූරුව වෙත පිටත් කර යැවීමට පියවර ගන්නා බව කී අග්‍රාමාත්‍යවරයා නව අධ්‍යාපන ක්‍රමය පිළිබඳව විවිධ යෝජනා සහ අදහස් මේ වන විට ඉදිරිපත්ව තිබෙන බැවින්, ඒ සියල්ල සැලකිල්ලට ගෙන ශ්‍රී ලාංකීය අනන්‍යතා මූලධර්ම පදනම් කර ගනිමින් රටේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙන යෑමට පියවර ගන්නා බව ද පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාලාභීන් වෙත ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.
රුහුණු, නිල්වලා, පේරාදෙණිය, ඌව සහ රුවන්පුර යන ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි අධ්‍යයනය ලැබූ ඩිප්ලෝමාලාභීන් 2378 දෙනෙකු සඳහා අද ජාතික අධ්‍යාපන ඩිප්ලෝමා ප්‍රදානය කරනු ලැබූ අතර, මෙම වැඩසටහන අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත ජාතික අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කර තිබිණි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට අතින් දෙනවා වගේ. මෙව්වා මේ ළමයි මහන්සිවෙලා උපයා ගත් දේවල්. අර පිට රටවල ගිහින් පිනට ගත්තු උපාධි වගේ එව්වා නෙමෙයි...
මේ ගොල්ලන්ට මේ ලැබුනේ පත්වීම් නොවේද...?
දේශපාලක කාර්යාලයක තියනවට වඩා වැදගත් වෙන්නේ අධ්‍යාපන ස්ථානයකම තිබ්බා නම් නේද? හිතනවද ඔය ඉන්න හැමෝම ඊ ළඟ සැරේ ඡන්දෙ දෙයි කියලා.
උගත් ළමයින් පිරිසක් ඉස්සරහ ඉන්න විජේකලාට අකුරු ලියන්න, කියවන්න පුලුවන්ද? එයා සා.පෙළ පාස් නැහැල්ලු නේද? අරලියගහ මන්දිරේදී මේවා දෙන්නේ ඡන්ද ගන්න වෙන්න ඇති... පව් අනේ... ඡන්ද ලැබෙයි ලැබෙයි...
ඔය සහතිකෙට අර පාසල්පොත්වලට වගේ මුණ දැම්මේ නැතිද?
ජනහිත, අරලිය ගහ මන්දිර කොහොමද දේශපාලන කාර්යාලයක් වන්නේ..? එය නිල රාජ්‍ය උත්සව, සම්මන්ත්‍රණ පවත්වන රාජ්‍ය නිල මන්දිරයක්..
විද්‍යාපීඨ නිර්මාණය කරපු අයට සහතිකයක් දෙන එකත් නින්දාවකි...
මෙතන කොමෙන්ට් කරන්නේ හරිම කුහකයෝ. හැමදේකම අඩුවක් පාඩුවක් දකිනවා, රස්සා දුන්නත් බනිනවා , නොදුන්නත් බනින්න. ඊයේද ඉපදුනේ
ඇයි මේ සහතික දෙන්නෙත් දේශපාලුවෝ සම්බන්ධ කරගන්නේ...?
මොකද්ද අර අකිල ඇඳලා ඉන්න ඇඳුම..? දකිනකොටත් අප්පිරියයි..
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නායකත්වයෙන් නව ජන බලවේගයක් ගොඩනැගීමට තීරණය කර තිබේ. මෙම නව ජනබලවේගය ගොඩනැගීමේ බලාපොරොත්තුවට සහ එය සක්තිමත් කිරීමට වෙනත් ආකාරයකින් සහයෝගය දීමට රජයට මේ අවස්ථවේ හැකියාවක් තිබේනම් එක්සත් ජාතික පක්ෂයට ඉදිරියේදී වාසි සහගත වනු ඇත. එක්සත් ජාතික පක්ෂයේ මුස්ලිම් දේශපාලකයන්ට ඥානසාර හිමියන්ගේ නායකත්වයෙන් ගොඩනැගෙන බල වේගයට එක්ව කටයුතු කිරීමට අවස්ථව ලබා දිය යුතුය.
අනුවණයින් අතින් සහතික ගැනීම.. !!!
පසුගියදා රටේ ඇතිවූ ත්‍රස්ත ක්‍රියාවලින් පසු අන්තවාදීන් මූලධර්මවාදීන් විසින් කර තිබෙන්නා වූ විනාශයේ සුලමුල මතුවන්නට පටන්ගෙන තිබේ. ඉතාම සැලසුම් සහගතව අන්තවාදීන්, මූලධර්මවාදීන් විසින් පසුගිය වසර 10ක කාලයක් තුල හෝ ඊටත් පෙරසිට රහසිගතව මොවුන් ක්‍රියාත්මක වී තිබෙන්නට ඇත. බෝම්බ පිපිරීමෙන් පසු ආරක්ෂක අංශ විසින් සොයාගනු ලබන අවිඅායුධවලින් මෙය මනාවට පැහැදිලිවේ. රටේ තිබෙන්නා වූ අනවශ්‍ය ආගම්වලට මුල් තැනදෙමින් ක්‍රියාත්මක වන්නාවූ නීති සියල්ලක්ම නැතිකොට එක පොදු නීතියක් සියලු රටවැසියන්ට ක්‍රියාත්මක විය යුතුය. ජාතින් සහ ආගම අනුව රටතුළ නීති ක්‍රියාත්මක වූ යුගය අවසාන කර දැමිය යුතුවේ. මේ සිදුවූ විනාශකාරී ක්‍රියාවෙන් පසු වර්තමානයේ රජයට ලැබී තිබෙන්නේ ඉතාම වටිනා අවස්ථාවකි. මේ ලැබී ඇති අවස්ථාවෙන් රජය උපරිම ප්‍රයෝජන ගතයුතුයි. කිසිවකු මේ අවස්ථාවේ නාවේ නීතිවලට එරෙහිව රජයට විරුද්ධව නැගීසිටින්නේ නැත. සත්‍ය වශයෙන්ම රජයට තිබෙන්නේ කුරානය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් කිරීම අත්‍යාවශ්‍යය. වර්තමාන සමාජයට නොගැලපෙන දුෂ්ට අදහස් සියල්ල කුරාණයෙන් ඉවත් කිරීමට කටයුතු කළයුතුය. විසබිජය තිබෙන්නේ කොතනද කියා හොඳින් සොයාබැලීම වටී...