IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ජාතික විගණන පනත බලාත්මක වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාතික විගණන (සංශෝධන)  පනත් කෙටුම්පත  සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  අද (22) සිය සහතිකය සටහන් කළේය.

විගණන (සංශෝධන) පනත් කෙටුම්පත ඉකුත් ජුලි  8 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර සැප්තැම්බර් 11 දින සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී   සම්මත විය.

මෙම ජාතික විගණන (සංශෝධන) පනත්  කෙටුම්පත  මගින්  2018 අංක 19 දරන ජාතික විගණන පනත සංශෝධනය කිරීම  අරමුණ  කර ඇත. 

ඒ අනුව විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන අධිභාර පැනවීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා එහි සංයුතිය, කාල සීමාවන් සහ ක්‍රියා පටිපාටි ඇතුළුව අධිභාර සමාලෝචන කමිටුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සැපයීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වී ඇත.

තවද වංචා හෝ දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට පැමිණිලි කිරීමට විගණකාධිපතිවරයාට බලතල ලබාදීම සහ වාර්ෂික සවිස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව ඉදිරිපත් කිරීමේ කාලය මාස පහේ සිට මාස හයක් දක්වා දීර්ඝ කිරීම ප්‍රධාන වෙනස්කම් අතරට ඇතුළත් වේ. 

සංශෝධන මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 42 සහ 43 වගන්ති යටතේ වැරදි සිදු කරන පුද්ගලයින් සඳහා දඬුවම් සැලකිය යුතු ලෙස වැඩි කිරීමද  සිදු කර ඇත.

ඒ අනුව මෙම ජාතික විගණන (සංශෝධන)  පනත් කෙටුම්පත  2025 අංක 19 දරන ජාතික විගණන (සංශෝධන) පනත  ලෙස බලාත්මක වේ.



අදහස් (0)

ජාතික විගණන පනත බලාත්මක වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site