(අංජුල මහික වීරරත්න)
ජාතික ලේඛනාගාරයේ විශ්වසනීය ඩිජිටල් කෝෂ්ඨාගාරයක් (Digital Repository) ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික ලේඛනාගාරයේ විශ්වසනීය ඩිජිටල් කෝෂ්ඨාගාරයක් ස්ථාපිත කිරීමේ අදියර - 01 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2021-04-05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස් වීමේදී අනුමැතිය ලබා දී ඇත.
යෝජිත ව්‍යාපෘතිය මඟින් ජාතික ලේඛනාගාරයේ මූලික කාර්ය භාරය වන තොරතුරු සංරක්ෂණය සහ ඒ සඳහා ප්‍රවේශ්‍යතාව ලබා දීමට අත්‍යවශ්‍ය වන මෘදුකාංග ස්ථාපිත කිරීම අපේක්ෂා කරනු ලබයි.
අන්තර් ජාතික අධිලේඛන කවුන්සිලයේ අරමුදලක් මඟින් යුරෝ 7,000 ක ප්‍රදානයක් ජාතික ලේඛනා
ගාරය වෙත ලබා දීමට එකඟතාව පළ කර ඇති අතර, යෝජිත ව්‍යාපෘතියේ වියදමින් කොටසක් ආවරණය කර ගැනීම සඳහා එම මුදල යෙදවීමට සැලසුම් කර තිබේ.
යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් ජාතික ලේඛනාගාරය විසින් මහජනතාව වෙත සලසන සේවාවන් වඩාත් ඵලදායීව භා කාර්යක්ෂමව සැලසීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, යෝජිත විශ්වසනීය ඩිජිටල් කෝෂ්ඨාගාරය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය 2025-2027 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජාතික ලේඛනාගාරයත් ඩිජිටල් වෙයි
saman Wednesday, 18 June 2025 09:35 AM
ඉතා හොඳ වැඩක්.
maalaka Wednesday, 18 June 2025 11:47 AM
මේක දැන් අවුරුදු 20-25කට පෙර වෙලා තියෙන දෙයක්. දැන්වත් යොමු වීම ගැන සතුටුයි.
Weearasingha Wednesday, 18 June 2025 05:32 PM
කැබිනට් අනුමැතිය දීල තියෙන්නේ ගෝඨාභයගේ කාලයේදී...