
(යොහාන් භාසුර)
වෛද්‍ය වැඩවර්ජනය අතරතුරදී කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයේ හදිසි සේවයේ නිරත වෛද්‍යවරුන්ට සේවයෙන් ඉවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් තර්ජනය කළ බව එම රෝහලේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික රෝහල් ශාඛාවේ වෛද්‍යවරු අද සහ ඊයේ දින දෙකේම බාහිර රෝගීන් අංශයට පැමිණ හදිසි සේවයේ නිරතව සිටි එම සංගමයේම සාමාජිකයන්ට සේවයෙන් ඉවත් වන ලෙස තර්ජනය කළ බව කී එම නිලධාරියා එම වෛද්‍යවරු ‘ඩබල්ගේම්’ ගහන බවට දොස් නැඟූ බව ද සඳහන් කළේය.
තර්ජන එල්ල වූ වෛද්‍යවරු හිදිසි සේවයක් වන රෝගීන් ඇතුළත්කිරීමේ පමණක් නිරතව සිටි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වර්ජනයේදී හදිසි සේවා ක්‍රියාත්මක කරන බව පවසා ඇති බවත් කීය.
එම නිලධාරියා වැඩි දුරටත් පැවසුවේ මෙම තර්ජන හමුවේ රෝහල්වල හදිසි සේවාවල නිරත වන වෛද්‍යවරු ද සේවයෙන් ඉවත්වීමේ අවදානමක් පවතින බවත් මෙම තත්වය කොළඹ ජාතික රෝහලේ පමණක් පවතින බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසල රජුන් මෙන්ම වසල වෙදුන්ද ඇත...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඕන විදියට පත්වීම් දෙන්න පුළුවන් නම් ඇමතියෙක්,සෞඛ්‍ය අධ්යක්ෂ කෙනෙක් මොකටද?මේ අන්ත දුදී අසරණ ලෙඩ්ඩු ඇපයට තියල ගී.එම්.ඕ.ඒ කාක්කෝ වර්ජනයක් කරන එක සහ ගහන අපරාදයක්.ඔකේ අර පාදෙණිය නොදන්නා කාබනික පොහොරක් අල්ලාගෙන අද වෙනකොට මුළු රටේම දුප්පත් ගොවියෝ අනාත කරලා දැන් හැංගිලා ඉන්නේ.රටේම ජනතාව කියන්නේ ඇමති තුමා මේකට තදින්ම ඉන්න.
GMOA කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්.. ඇතුලේ ඉන්න අපි දන්නවා මොනවගේ දේවල්ද ඕකෙ වෙන්නේ කියලා.