(කේ. බුද්ධික කුමාරසිරි)
කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසයි.
එම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස පොලිස් භාරයට ගැනීමට කටයුතු කල බවද පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ විද්‍යාලයේ ආදි සිසුන් බව කියන යුධ හමුදාවේ සේවය හැරගිය අයෙකු ඇතුලු දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් එම සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් නවගමුව පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය
එම විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙහි කැඩෙට් පුහුණුවීමක් අතරතුර එම පුහුණුව සදහා පිටතින් සම්බන්ධ වූ ආදි ශිෂ්‍යයින් දෙදෙනෙකු පාසලේ තවත් පිරිසක් සහ එක්ව මෙම ගැටුම ආරම්භ වී තිබූ අතර ගැටුමට මැදි වී තුවාල ලැබූ ශිෂ්‍යාවන් හය දෙනෙකු සහ ශිෂ්‍යයින් පස් දෙනෙකු රෝහල් ගත කර තිබුණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Adult crime, adult time" කියල නව නීතියක් ගෙනාව ඕස්ට්‍රේලියාවේ. "වැඩිහිටියන් වගේ අපරාධ කරනවානම් වැඩිහිටියන් වගේම දඩුවම් විදිය යුතුයි" කියලා.ලංකාවේ පාසල් වල ළමයි තමන්ගේ ආදී සිසුන් ඉහල තනතුරු වල ඉන්න හයිය අරන් නිතිය අතට ගන්නවා. තාත්තා පොලිසියේ හමුදාවේ හෝ දේශපාලකයෙක් කියලා පිස්සු නටනවා. අහවල් ලොක්කා අගමැති ජනාධිපති අපේ ඉස්කෝලේ ආදී ශිෂ්‍යයෙක් කියලා නිතිය අතට අරන් ජනතාවට හිරිහැර කරනවා. බිග් මැච් වලට මේක තදින්ම තියෙනවා. මම හිතනවා මේ පාලනය තුල මේ ගෝත්‍රික සංස්කෘතියත් වෙනස් වෙයි කියලා
කොහොමත් ඔය ආදි ශිෂ්‍ය කතා ගෝත්‍රිකයි. පාසල හැරගියාට පසු ඒකට ගෞරව කරන එකත්, ඒක මගේ ඒක අපේ කියල කර තියාගෙන වාහන වල බැචි ගහගෙන යන එක ගෝත්‍රිකයි. ඔය පාසල්වල හොඳම අයද සමාජෙට දීල තියෙන්නෙ? හොරු කත්කඩියොත් හරි හරියට එලියට එනව. උන් තමයි ඔය, පාසල් වල පන්ති භේද හදන්නේ ඔය උන් තමයි.
ලංකාවේ පාසල් පද්ධතිය විනාශ කරන්නේ ඔය ආදී සිසුන්.