
(අංජුල මහික වීරරත්න)
තරුණ සේවා සභාවේ අධ්යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයෝ හය දෙනෙක් කරනු ලැබ සිටිති.
වෛද්‍ය අනුර දිසානායක, නියාස් මොහොමඩ් ඉර්ෂාඩ්, විශ්වනාත් එදිරිසිංහ , සංජීව ගුණරත්න, එච්. හේරත්, චමින්ද ප්‍රසාද් කුමාරතුංග මෙම නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෝයි.
එම නව පත්කිරීම් වලින් අනතුරුව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහත්වරුන් සමග සාකච්ඡාවක්ද පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසුවේ තරුණ සංවර්ධන වැඩසටහන්වලදී ඉලක්කයක් සහිතව කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අධ්යක්ෂ මණ්ඩලයේ සහයෝගය අවශ්‍යය වන බවත්ය.
මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහත්වරු ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd