(සුජිත් හේවාජුලිගේ)
මෙරට ආර්ථික ස්ථායීකරණයට වැදගත් වන නීති සහ යෝජනා ලබන මස අගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ එම කමිටුව පාර්ලිමේන්තුවේදී පසුගිය 15 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.
විශේෂයෙන් රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්වීමට හේතුවූ කරුණු මොනවාද ඒ් සඳහා නීතියේ අඩුපාඩු තිබේද යන්න සාකච්ඡා කිරිම වැදගත් බවද සභාපතිවරයා මෙහිදී පැවසීය.
රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමේදී මෙරට නීති පද්ධතිය තුළ ඇති කළ යුතු වෙනස්කම් පිළිබඳව මෙහිදී විද්වත්හු කමිටුවට පෙන්වා දුන්හ.
මහ බැංකුවේ කාර්යභාරය, මහාභාණ්ඩාගාරයේ කාර්යභාරය හා වගවීම, ආණ්ඩුවේ කාර්යභාරය හා වගවීම, රාජ්‍ය නිලධාරින්ගේ දේශපාලනඥයන්ගේ සහ ඔවුන් සමග ගනු දෙනු කරන ව්‍යාපාරික ප්‍රජාවගේ වගවීම පිළිබඳවද මෙහිදි සාකච්ඡා කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd