IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජාජබ සාමාජිකයකුට කඩු පහර දුන්නැයි සජබ ආධාරකරු දැලේ

(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයකුට කඩු පහරදී තුවාල කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ආධාරකරුවකු යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.

තුවාලකරු මිනුවන්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවත් ඔහුගේ එක් අතකට කඩු පහර වැදී තුවාල සිදුවී තිබෙන බවත් මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

තුවාල ලබා සිටින පුද්ගලයාගේ නිවෙසට පැමිණ මුලින්ම බැණ වැදී ඇතැයි කියන සැකකරු මල් පෝච්චි කිහිපයක් ඔසවා පොළොවේ ගසා පසුව කඩුවෙන් පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වීයැයි පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (7)

ජාජබ සාමාජිකයකුට කඩු පහර දුන්නැයි සජබ ආධාරකරු දැලේ

Chandima Tuesday, 27 August 2024 06:25 AM

නායකය කෙහෙල්වත්තෙනේ, ඒකයි.

:       5       42

NWS KUMARA Tuesday, 27 August 2024 07:37 AM

මිනුවන්ගොඩ නම් ඉතින් කියන්න දෙයක් නෑ .කාගේද කියලා දන්නවා

:       2       35

liki Tuesday, 27 August 2024 08:23 AM

මිනුවන්ගොඩ ඉන්නේ අමු මෝඩයෝ .පුහු චන්ඩි ,මීගමුවේ රෝහලට ගෙනියන්න එපා . ඒකේ ඉන්න පොලිසිය මිනියෙනුත් පගාව ගන්නවා .

:       2       33

රනේ Tuesday, 27 August 2024 10:12 AM

සහෝදරයිනි, හැමෝගෙම ලේ රතුයි..!

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 27 August 2024 11:41 AM

රණසිංහ ප්‍රේමදාස නතර කළ තැනින් පටන් ගන්නවා යයි කිව්ව පුතානෝ ගම් මට්ටමෙන් බිම් මට්ටමෙන් භීෂණය පටන් අරන් වගෙයි.

:       2       11

Kanishka Tuesday, 27 August 2024 03:07 PM

පියාණෝගේ අඩිපාරේ යන මෝඩ පුතාණෝගේ ගෝලයෝනේ. පුතාණෝගේ විනය ගරුක සමාජය හදන විදිය වෙන්න ඇති ඔය...!

:       0       0

Ruwan De Silva Tuesday, 27 August 2024 11:20 PM

නිකං හිතන්න සජිත්ට, රනිල්ට බහුතරයක් එක්ක ආණ්ඩුවක් දුන්නොත් කොහොමද? හන්දියක් හන්දියක් ගානේ බටලන්දේ වදකාගාර, හන්දියක් හන්දියක් ගානේ කළු බළල්ලු නැත්තං කළු කෝටි. කට්ටිය ඡන්දෙට කලින්ම බය වෙලා මාලිමාවේ ආණ්ඩුවක් ආවම අපරාධකාරයෝ ඔක්කොම හිරේ දායි කියලා. නැත්තං ඉතිං ලංකා ඉතිහාසයේ ලොකුම ගෙම්බෝ පැනිලි තිබ්බේ මේ පාර නේ. හොදයි හොදයි තව සති තුනයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 632 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site