
(ඉන්දිකා රාමනායක,මුදිතා දයානන්ද සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික ජනබලවේගය විසින් ඊයේ (26) කොළඹ පැවති විරෝධතා පෙළපාලියට පොලිස එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාර වලට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද පෙරවරුවේ මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ නිවිතිගල පදිංචි නිමල් අමරසිරි (60) නමැති පුද්ගලයකු වන අතර ඔහු නිවිතිගල ප්‍රාදේශිය සභාවේ අපේක්ෂකයෙකි.
මැතිවරණය කල් දැමීමට විරෝධය පළ පළ කරමින් ජාතික ජන බලවේගය ඊයේ පස්වරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ කරනු ලැබූ අතර මද වේලාවක දී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කෙරිණි.
මෙහිදී පුද්ගලයන් 28 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් බලන්න යන්න.
ඉතාම කණගාටුදායක සිද්ධියක්... නිවන් සුවය ලැබේවා..! දැන් ඉතින් ජජබය එක්ක එකට අවුරුදු ගාණක් යනකන් අලෙවි කළ හැකි දෙයක් මේක...
බස් වලින් සෙනඟ අදිනවා කියන එකට හොඳම සාක්‍ෂිය.
මේ හේතුව නිසා පමණක්ම, රනිල් වික්‍රමසිංහ උසාවියට ඉදිරිපත් ඉදිරිපත් කළයුතුයි...!!!
මේ රනිල්ගේ පලමු බිල්ලයි, ඉදිරියට මෙවන් බිලි කීයක් නම් ගනීවිද යන්න කිවහැක්කේ කාටද? මෙහි ඉක්මන් අවසානයක් අප දැකිය යුතුයි...
සාමාන්‍ය කඳුළුගෑස් වලින් මිනිස්සු මැරෙන්න විදියක් නැහැ. මේ කඳුළු ගෑස් වර්ගය නීති විරෝධීද කියලා බැලිය යුතුයි... මිනිස්සුන්ට ඇති උද්ඝෝෂණ සහ විරෝධය පෑමේ අයිතිය විනාශ කරන්න දෙන්න බැහැ. ඒ වගේම කඳුළු ගෑස් ගහලා පලවා හරින්න තරම් දෙයක් ඊයේ වුණාද කියලා සැකයි.
සියළු සාක්ෂි ප්‍රවේෂමෙන් ආරක්ෂා කරගන්න...!
ජා.ජ.බලවේගෙට අවුරැද්දක් රසකරකර තලුමරන්න හොද කට්ටක්. නාකින්ට පාපාර්ලිමේන්තුවෙන් යන්න කිය කිය මේ හැටේපොර මොන මගුලක් කරනවද.
රනිල් සුපුරුදු පරිදි ඔහුගේ වැඩේ පටන්ගත්තා. ගෞටාබයටත් වඩා ඉතිහාසයේ අමතක නොවන ඉරණමකට තමයි රනිල් නොබෝ දිනකින් වැටෙන්නේ.
ඔන්න තරුණ ජවය.
අමානුෂික ලෙස උද්ගෝෂණය මැඩලීමට .. නියෝග කල සෑම පුද්ගලයෙක්ම උසාවියට ඉදිරිපත් කළ යුතුය ! මෙය ජාත්‍යන්තරය ඉදිරියේ සිදුවිය යුතුය !
රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් විරුවාණෙනි, ඔබට නිවන් සුව පතමි. මේ අපරාධය කළ "ශ්‍රී ලංකා පොලිසිය" නම් ලෝකයේ ඇති දරුණුම මන්ද මානසික රෝගීන් වෙසෙන ගුබ්බෑයමට ශාප වේවා !!! ශ්‍රී ලංකා පොලිසියේ සිටින සියලුම වධකයින්ට නැති ලෙඩ ඇතිවී වැනසේවා...! ඔවුන්ගේ පවුල් පිටින්ම නැතිවේවා !!! මේ අපරාධය කිරීමට පොලිසිය උසිගන්වපු අශීලාචාර පාලකයාට ශාපවේවා !!! ශාපවේවා !!! ශාපවේවා !!!
මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මරපු එක බැලැන්ස් වුණා. පොහොට්ටුව එකටඑක ගත්තා...
මේ බස් වලින් මිනිස්සු ගේන්න කරන වියදම් වලින් රෝහල් වලට බෙහෙත් ටිකක් අරන් දුන්නා නම් චන්ද අඩු වෙනවද
තමන්ගෙ එකෙක් මැරුන තමා වෙදනාව. මෙ මිනිහ මැරුවෙ නෑ මැරුන. 71 88/89 නිරායුධ අහින්සක මිනිස්සු ම්ලේඡච විඩියට ජෙප්පො මැරුව. ඒ පවුල්වල මිනිස්සු තවමත් උන්ගෙ දරුවන්ටත් සාප කරනව.
නාකි මයිනෙක් නේ කිව්වෙ කොහොම ද
රනිල්ගේ පලමු බිල්ල
අනුර කුමාර කියන බොරදියේ මාලුබාලා බලය ලබාගන්න හදන පාහරයට ඕනා උනේ කවුරුහරි මිනිස් බිල්ලක් දෙන්න.පවු අසරණ මිනිස්සුන්ගෙ මොල හෝදලා එක්ක ඇවිත් බිලිදෙනවා.
එහෙනම් පිනාධිපති ඔහුගේ මර්ධනය මිනී මැරුමක් දක්වා වර්ධනය කරා
කාංචන නමැති මේ කාලකන්නියාගේ කතාව කොහොමද .වෛරය,ක්‍රෝධය උඩුදුවලා. මුගේ කතාව ජාතියටම සාපයක්. සමාජයෙන් තුරන් විය යුත්තේ මේ වගේ අවජාතකයෝ තමයි
දේශපාලන මිනීමැරුම් අත්හිටවනු ! ! !