IMG-LOGO

ජාජබ, මූල්‍ය අරමුදලට විරුද්ධව ඡන්දය දෙනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ යෝජනා වලට විරුද්ධව ජාතික ජන බලවේගය ඉතා නිශ්චිතවම ඡන්දය ප්‍රකාශ කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ණය නො ගෙවන්න තීරණයක් ගන්නා බවද ඒ තීරණය  සහ මූල්‍ය අරමුදලේ ක්‍රියාවලිය අතර සම්බන්ධයක් තිබෙන බවද කී දිසානායක මහතා මෙය යම් කුමන්ත්‍රණයක් මත ගන්නා ලද තීරණයක් බවද කීය.

මුල්‍ය අරමුදලේ  යෝජනාවලිය සම්බන්ධයෙන්  ජනාධිපති උමතු හැසිරීමක් පෙන්නන බවද දේපළ පවරා ගන්නා බව කියමින් විශ්වවිද්‍යාල  ආචාර්යවරුන්ට   තර්ජනය කරන බවද අනුර දිසානායක මහතා සඳහන් කළේය.

ආණ්ඩුවේ බදු නිසා බොහෝ වෘත්තිකයන්ගේ වැටුප ඍණ වී ඇති බවද අනුර දිසානායක මහතා කීය.



අදහස් (12)

ජාජබ, මූල්‍ය අරමුදලට විරුද්ධව ඡන්දය දෙනවා

prasanna Friday, 28 April 2023 01:56 PM

නැහැ රට ගිනි තියමු...?

:       27       28

sweneFriday, 28 April 2023 06:03 PM

වැරැදි ආර්ථික ප්‍රතිපත්ති, ගසා කෑම් නිසා රට වලපල්ලට යැව්වේ මෙතෙක් පාලනය කරපු අය නොවේද ?

:       9       12

SUNIL MILANO Friday, 28 April 2023 03:41 PM

මේ කාලකණ්ණි, එළොවටත් නැති, මෙලොවටත් නැති ජෙප්පො කැමැති දෙයක් පුළුවන් නම් කියන්න.

:       18       21

ANURA ROME Friday, 28 April 2023 03:45 PM

වසල ජෙප්පන්ගේ එකම බලාපොරොත්තුව රට අරාජිකව තිබෙනවා දැකීමයි... මේ දවස්වල වැහි නැති අකුණු පුපුරනවා...

:       18       20

chinthaka Friday, 28 April 2023 04:06 PM

ජයවේවා..., ජාතික ජන බලවේගය අනිවාර්යයෙන්ම අනාගතයේ මේ රට ඉදිරියට ගෙනයන නිශ්චිත බලවේගය බව දැන් රටේ බහුතරයක් දන්නවා...

:       11       10

indika Friday, 28 April 2023 04:07 PM

අනුර, රටේ මීළඟ නායකයා වේවා...!

:       11       9

chandani Friday, 28 April 2023 04:08 PM

හොර බොරු, වංචා, දූෂණ නැති අවංක නායකයෙන් වේ නම් ඒ මෙතුමා පමණයි.

:       9       9

Jayalath Saturday, 29 April 2023 05:40 AM

ඔය ඡන්ද හතර නම් වැඩක් නෑ.

:       2       1

Bamunuarachchi Saturday, 29 April 2023 06:02 AM

හොර බොරු කරයිද නැද්ද බලන්න බලයේ හිටියේ නැහැනේ... මේ ගොල්ලෝ බලයට ආවොත් සිංහල සංස්කෘතියත් නැතිවෙලා, බෞද්ධාගමත් නැතිවෙලා මේ රට හම්බ රාජධානියක් වෙනවා ෂුවර්...

:       3       6

දියවන්නාවේ කිබුලා Saturday, 29 April 2023 02:40 PM

වගකීමක් අරන් වැඩක් කරලා පෙන්නපන් මහත්තයෝ. දේශපාලන බණ දේශනා කරමින් රට වටේ ගියාට වැඩක් නෑ....

:       1       1

HARAMANIS Saturday, 29 April 2023 03:06 PM

කට්ටිය විරුද්ධ නැත්තේ පාර්ලිමේන්තුවෙන් දෙන වැටුපට සහ පෙන්ෂන් එකට විතරයි.

:       1       1

PODDA Saturday, 29 April 2023 05:35 PM

තමන්ගේ පක්ෂයේ මතයට විරුද්ධ අයව... වදදීලා මරන්න. එල්ලුම්ගහ ගෙනාවොත් මොවුන් අත්දෙක නෙවෙයි, කකුල් දෙකත් උස්සයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 718 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1130 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site