
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ චමිලා අල්විස් )
ජාතික ජනබල වේගයේ ප්‍රධාන ලේකම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ හොරණ ඉලිබ අත්කම් නිවාස සංකීර්ණය පිහිටි නිවස ඊයේ (2) රාත්‍රී සොරු බිඳ ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි
පැමිණි සොරුන් රුපියල් 25000ක මුදලක් රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි
විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ඊයේ (2) සවස සිට එම නිවසේ සිට නැති අතර අද (3) පෙරවරුවේ පැමිණෙන විට නිවසේ කාමරයේ රෙදිපිලි ඇද දමා අල්මාරිය විවෘතව තබා තිබෙන අයුරු දැක විමසිලිමත් වීමේදී මුළුතැන්ගෙහි දොර සහ ජනේලයක් විවෘතව තිබෙන අයුරු වැඩිදුරටත් දැක තිබූ බව පැමිණිල්ලේ සඳහන්ය
අල්මාරිය තුළ රෙදි පිළි අතර තිබූ මුදල් මෙලෙස රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි
සොරුන් මුළුතැන් ගේ ජනේලයෙන් නිවසට ඇතුළු වී සොරකමෙන් අනතුරුව දොරෙන් පිටවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන්ද සිල්වා මහත්වරුන් පරීක්ෂණ පවත්වයි
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාජබ මන්ත්‍රී නිහාල් අබේසිංහගේ නිවස හොරු බිඳියි
Nishan Saturday, 04 January 2025 05:19 AM
ලොකු ගාණකට ඉන්ෂුවරන්ස් කරලාද තියෙන්නේ? එහෙනම් ඉතින් නිතර හොරු පනියි..
Nilantha Saturday, 04 January 2025 06:54 AM
අපි අහලා තියෙන හැටියට නම් අත්කම් නිවාස දුන්නේ ඇතිහැකි අයට නොවෙයි නැතිබැරී අයට පමණයි. අවුරුදු 76 ක් කරලා තියෙන්නේ ඔහොම්ම තමයි..
Bunny Preena Saturday, 04 January 2025 09:43 AM
එහෙනම් මුලුතැන්ගෙදර ජනේලය එතරම් ශක්තිමත්ව තිබිලා නැතිව ඇති...