
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියකට දණගස්වා පහර දුන්නැයි උරණ වී එම පුද්ගලයා ට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි මාළිගාවත්ත පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ 10 මාලිගාවත්ත බෝධිරාජා මාවත පදිංචිව සිටි එම් එන් ඒ රහුමාන් (26) නැමැති පුද්ගලයෙකි.
මරණකරු සහ සැකකරුවන් මිතුරන් වන අතර ඉකුත් 28 වෙනිදින සැකකරුවන් දෙදෙනා මරණකරුගේ නිවසේ උඩුමහලට පැමිණ තිදෙනාම එක්ව මත්ද්‍රව්‍ය පානය කර ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී එක් පුද්ගලයෙකු නිවසේ තිබූ ජංගම දුරකථනයක් සොරාගෙන ඇති බව පොලිසිය කියයි
ඊයේ (1) අලුයම කඩුවක් සහ මන්නයක් රැගෙන ත්‍රී රෝද රථයකින් පැමිණ තිබූ සැකකරුවන් දෙදෙනා නිවසේ දොර කඩාගෙන ඇතුළු වී ඇඳේ නිදා සිටි පුද්ගලයාට බිරිඳ බලා සිටියදීම පාදයකට කඩු පහරක් එල්ල කර අනතුරුව පපුවට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකර පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාප මිතුරන්ගේ ඇසුරේ ප්‍රතිඵලයක්..