
(ඩයනා උදයංගනී)
පාදුක්ක පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කර දේශපාලන පදනමින් නව ස්ථානාධිපතිවරයකු පත් කළ බව කියමින් ඊට විරෝධය දක්වා පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉවත් වු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද (5) යළිත් එම තනතුරේ වැඩ භාරගත්තේය.
පොලිස් ස්ථානාධිපතිවරයාට අදාළව මතු වූ ගැටළුව නිරාකරණයවීම හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ඉල්ලීම මත නැවතත් එම තනතුරේ වැඩ භාරගත් බව ජගත් කුමාර මහතා පැවසීය.
ආගමානූකූලව, මහා සංඝරත්නයේ ආශීර්වාද ලබාගනිමින් යළිත් එම තනතුර භාරගත් ජගත් කුමාර මහතා අතින් අඩු ආදායම්ලාභීන් වෙත නව සමෘද්ධි සහනාධාර පත්‍ර, බද්ධ පළතුරු පැළ හා කිකිලි පැටවුන් බෙදාදීම ද සිදුකෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජා නැති රටේ පනමට පොල් හැටේ කිව්වලු
පාදුක්ක පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ආපහු ගත්තේ නැති උනාට තමන්ගේ තනතුරු නම් ආපහු ගත්තා.
ඒ කියන්නේ ඔබගේ කටයුතු වලට බලපෑම් කලයි කියූ කැබිනට් ඇමති දෙපොලගෙ බලපෑම් ඉවත් කලාද? නොඑසේ නම් ඔබත් සුදනෙක් යයි පෙන්වීමට තව රඟපෑමක් කලාද ?
මේ දවස්වල නාටක සෑහෙන්න රඟදක්වනවා නේද.?