(සුජිත් හේවාජුලිගේ )
මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තම පක්ෂයේම කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු විවේචනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සම්බන්ධයෙන් විනය කමිටුව රැස්වී සුදුසු පියවරක් ගන්නා බව පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.
ඉතාලියේ සංචාරයක යෙදී සිටින අගමැතිවරයා මෙරටට පැමිණි පසු විනය කමිටුව රැස් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
ජගත් කුමාර මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මෙසේ විවේචනයට ලක් කර ඇතැයි පැවසෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ යන දෙදෙනාය.
පොලිස් ස්ථානාධිපති වරයකු මාරු කර යවා තමාගේ දේශපාලන කටයුතුවලට බාධා පමුණුවා ඇතැයි ජගත් කුමාර මන්ත්‍රීවරයා එහිදී චෝදනා කර තිබිණ.
මේ සිද්ධිය පදනම් කරගෙන ජගත් කුමාර මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරයෙන්ද ඉකුත් 17 වැනිදා ඉල්ලා අස්විය .
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ අවශ්‍ය පුද්ගලයන් දැනුවත් කර ජගත් කුමාර මන්ත්‍රීවරයාට එරෙහිව සුදුසු පියවර ගන්නා බවයි.
ජගත් කුමාර මන්ත්‍රීවරයා කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනය පරීක්ෂණයෙන් පස්සෙ කැබිනට් ඇමතිකමක් නේද .
අනිත් ඇමතිලා පිස්තෝල ඔලුවට තබල තර්ජනය කිරීම වැනි සුළු වැරදි කරනකොට ජගත් කුමාර කරලා තිබෙන්නේ බරපතල වරදක්
ඔබතුමා ලොහාන් ගැන මෙච්චර ඉක්මනින් මොනවත් කිව්වෙ නැත්තෙ බයටද?
ලොහාන්ට හරි එරාජ්ට හරි මුකුත් කිව්වොත් අනිවාර්යෙන්ම ගුටි කන්න වෙන බව දන්නා නිසා හැමදාම බයිට් එකට අල්ල ගන්නේ ගම්මන්පිල ,ජගත් කුමාර වැනි වැඩ බැරි චරිතයක්
අගමැතිතුමාට මොන්ටිසෝරියක් කරනවා වගේ මේ පොඩි පොඩි දේවල් කියන්න ඕනෙද.
ඔහොම අයට නාම යෝජනා සම්මත කරන අයටත් විරුද්ධව විනය පරීක්ෂණ කල යුතුයි
හැමදේම අගමැතිට කියන්න ඕනෙද? විනය ක්‍රියාමාර්ග ගැනිමේ ක්‍රමවත් නිති පද්ධතියක් තාම ඔය පක්ෂයට නැද්ද? මේක රටක්ද? ඉස්කෝලේ පන්තියක්ද?