(ඉන්දිකා රාමනායක)
ජාඇල පොලිස් භූමියේ නවතා තිබු ජිප් රථයේ තැන තැන අසභ්‍ය වැකි ලියා එම ජිප් රථයට සූරා අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම ජිප් රථය පදවන රියදුරු වන පොලිස් සැරයන්වරයකු ජිප් රථය සෝදා පිරිසිදු කිරීම සදහා ඊයේ (27) පොලිස් ගරාජයේ නවතා ගොස් පසුව පැමිණ බැලීමේ එහි දොරවල් වල, බොනට්ටුවේ,දොරවල් වල මෙම අසභය වැකි ලියා ඇති අයුරු දැක් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ජිප් රථයේ අසභ්‍ය වැකි ලිවීමට අමතරව සුරා අලාභහානි සිදුකර ඇත.
මෙම පොලිස් ගරාජයට පිටස්තර පුද්ගලයන් ඇතුලු නොවන එම ආරංචි මාර්ග පවසයි.
මෙම ක්‍රියාව සිදුකළ පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ චාරය මෙසේ නම් කෙසේ නීති රකීද?
පොලෝසියේ තියෙන දෙයක්වත් රැකගන්න පොලෝසියට බැරිනම් සාමාන්‍ය මිනිස්සු ගැන බලන්න කෙනෙක් කොහෙන් සොයන්නද කියලා තේරුම් ගන්න බැහැ .දැන් ඉතින් පොලෝසිය නොකියා පොලොස් - සිය කියලා හරි Pol-Ice කියන්න වෙනවා .ඇත්තටම සාර්ජන් උන්නැහේ ඕකට කාවද සැක කියලා කියන්න .එහෙම කලොත් පරීක්ෂණයක් කරන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සු ගැන තියෙන ක්‍රමය ඔහේලටත් වලංගු නිසා සැකකරු වෙක් නැත්නම් ඔහේව අත් අඩංගුවට ගන්න වෙනවා
පොලිසිය එතරම් පහත් තත්ත්වය ට වැටිලා . අපේ වාහන ආරක්ෂාව ගැන කාට කියන්න ද.
කියලා කියලා බැරි තැන ලියන්න ඇති. කටින් කිව්වොත් එක්කෙනාටනේ සියලු දෙනාටම දැන ගන්න ඔන්න ලිව්වා