IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජෝ බයිඩන්ට වඩා මිෂෙල් ඔබාමා හොඳයි

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් වෙයි.

එසේ වුවත් ඩිමොක්‍රටික් පක්ෂයේ සියයට 80 කගේ අදහස වී ඇත්තේ, බයිඩන්ට වඩා ප්‍රතිවාදී රිපබ්ලිකන් ප්‍රතිවාදියා වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝගයක් කිරීමට හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ බිරිඳ මිෂෙල් ඔබාමා සමත් වනු ඇති බවය.

පසුගිය දා ට්‍රම්ප් සහ බයිඩන් අතරේ සජීවී රූපවාහිනී විවාදය පැවත්වුණු අතර ට්‍රම්ප් හමුවේ බයිඩන් අසරණ විය. ඒ, බයිඩන්ගේ වයස සහ වයස නිසා ඇතිවන දුබලතා නිසාය. එය ට්‍රම්ප්ට වාසියක් විය.

බයිඩන් 81 හැවිරිදි වියෙහි පසුවන අතර, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වුණු වයස්ගතම තැනැත්තා ඔහුය.

විවාදයේ දී 78 හැවිරිදි ට්‍රම්ප්ට වැඩි වාසි අත්වූයේ බයිඩන්ට ක්ෂණිකව සහ පැහැදිලිව අදහස් දැක්වීම කළ නොහැකි වීමය.

බයිඩන්ගේ බිරිඳ ජිල්, විවාදය අවසන් වූ පසු ඔහු ළඟට පැමිණ ඔහු සැනැසූ අයුරු ද සජීවීව දකින්න ලැබුණි.‍

ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයන් බොහෝ දෙනකුගේ විශ්වාසය ඔවුන්ගේ පක්ෂයෙන් ඔබාමා බිරිඳ මිෂෙල් ඔබාමා ජනාධිපති ධුරයට තරග කළොත් ඇයට නිසැක වශයෙන්ම ජයග්‍රහණය කළ හැකි බවය.

එසේ වුවහොත් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වෙයි. එපමණක් නොව, පළමු කළු ජාතික තාන්තාව වනු ඇත්තේ ද ඇයයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (7)

ජෝ බයිඩන්ට වඩා මිෂෙල් ඔබාමා හොඳයි

Ruwan De Silva Saturday, 29 June 2024 09:19 PM

බයිඩන් නිකං ලංකාවේ මහින්ද වගේ ඇවිදින මළ මිනියක් වගේ. ඊට වඩා හොදයි තරුණ කෙනෙක්ට රට දෙන එක. ට්‍රම්ප් වුනත් හොඳ මනුස්සයෙක් නෙමෙයි, ජාතිවාදි වගේම වංචා දුෂණ කරපු මනුස්සයෙක්

:       117       31

MDSunday, 30 June 2024 07:50 AM

ඔය විධියට අදහස් දෙන්න පුළුවන් තමන්ගේ අම්මා තාත්තාට වුවත් වයසට ගියාම ඔහොම කියන කරන අය තමයි කියලයි මගේ අදහස.ඔයාල වගේ ගොබ්බ වරිත වලට( ඔයත් ගොබ්බ අරගලයට සම්බන්ධව වෙලා මිනිස්සු මරන්න කොටන්න ගෙවල් කඩසාප්පු වාහන පුච්චන්න ගිය කෙනෙක් වෙන්නත් පුළුවන්)දෙමාපියන් වැඩිහිටියන්ට සලකන අය නෙමෙයි.ඔබ ඵහෙම කෙනෙක් නොවන කෙනෙක් නම් සමාවන්න.නමුත් වැඩිහිටියන්ට ගරු කරන්න.

:       5       117

sarathSunday, 30 June 2024 10:56 AM

අනුර කුමාරට බැරි වෙයිද?

:       2       44

Nandalal DE SILVA - France Saturday, 29 June 2024 10:46 PM

ටම්ප් යනු වංචාකාරයකු බව බොහෝ දෙනාගේ මතයයි. ඔහුට එරෙහිව පැවරි ඇති අධිකරණ නඩු විශාලයි.ඔහු අධිකරණයේ දි පවා බොරු කියා නම කිලිටි කරගත් පුද්ගලයෙක්.

:       53       7

nimal Saturday, 29 June 2024 11:41 PM

ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයන් බොහෝ දෙනකුගේ විශ්වාසය ඔවුන්ගේ පක්ෂයෙන් ඔබාමා බිරිඳ මිෂෙල් ඔබාමා හෝ කෙනඩි පවුලේ සාමාජිකයකු පිළිබද බලාපොරොත්තු තබා ඇත

:       24       2

Kuma Sunday, 30 June 2024 02:42 AM

අපේ කට්ටිය කිව්වේ පවුලේ දේශපාලනය තියෙන්නේ ලංකාවේ විතරයි කියලා දියුණු රටවල නැ කියලා

:       2       45

Ruwan De Silva Sunday, 30 June 2024 09:34 AM

කුමා වැරැදියි. ඇමරිකාවේ පවුල් පාලනයක් කරන්න බෑ ට්‍රම්ප්, බයිඩන්ගේ පුතා කරපු වැරැදි වැඩත් හව් වුණා දඬුවම් දෙනවා. ලංකාවේ එහෙමද? මොකද ඇමරිකාව පාලනය වෙන්නේ සෙනට් එකට ඕනේ මිස් ජනපතිගේ තනි කැමැත්තට නෙමෙයි..

:       12       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site