
(තිළිණි ද සිල්වා)
යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් යෝජනා අනුව ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය අහිමි වුවහොත් එය මෙරට වැඩ කරන ජනතාවට දැඩිලෙස බලපාන කාරණයක් බැවින් ඒ පිළිඳව යුරෝපා කොමිෂමට කරුණු ඉදිරිපත් කරන ලෙස මෙරට ප්‍රධාන පෙලේ වෘත්තිය සමිති පහක නියෝජිතයෝ රජයෙන් ඉල්ලා සිටිති.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ හා කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ සහභාගිත්වයෙන් විදේශ අමාත්‍යංශයේ අද පැවැති රැස්වීමකදී මෙම ඉල්ලීම ඉදිරිපත් කෙරිණ.
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, නිදහස් සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, එක්සත් කම්කරු සම්මේලනය හා නැෂනල් යූනියන් ඔෆ් සීපෙයාරිස් ශ්‍රි ලංකා යන වෘත්තිය සමිති පහට අයත් නියෝජිතයෝ මෙම රැස්වීමට සහභාගි වී සිටියහ.
මෙම බදු සහනය අහිමි වුවහොත් මෙරට වැඩ කරන ජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුතා පිළිබඳව මෙම රැස්වීමේදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණි.
මෙහිදී විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව යුරෝපා කොමිෂම සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවන් නියමිත පරිදි ක්‍රියාවට නංවමින් අවබෝධයෙන් යුතුව කටයුතු කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිනීවා යෝජනාව සම්මත වීම නෙවෙයි, එයින් ලංකා ආර්ථිකයට වන බලපෑම තමයි සාකච්ඡා කළයුතු වෙන්නේ. කවුරුත් දන්නා පරිදි ලංකාවට විදේශ ණය ගෙවීමේ දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීලා තියෙනවා. ලංකාව උපයන ඩොලර්වලින් විදේශ ණය ගෙවන්නට පුළුවන් කමක් නෑ. ඒ වගේම එසේ ගෙවමින් එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලංකාවට ආනයනය කරන්නටත් පුළුවන් කමක් නෑ. ලංකාවට විදේශ ණය ගෙවන්න වෙන්නේ ඩොලර් වලින්... ඩොලර්වලින් විදේශණය ගෙවන්නත් ලංකාව ඩොලර් හම්බ කරන්න ඕනෑ. මෙහිදී ආනයන සඳහා ඇතිවන ඉල්ලුම සපුරා ගැනීම සඳහා තමයි චීනය සමග යුආන් වලින් ගිවිසුමක් අත්සන් තළා. ලංකාවේ අපනයන වලින් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි චීනයට විකුණන්නේ. ඒක නිසා යුවාන් වලින් හම්බ වෙච්චි සල්ලි ටිකෙන්, ලංකාවේ ආනයන අවශ්‍යතා සම්පූර්ණ කරගෙන, බටහිරට කරන අපනයන වලින් ඩොලර් ණය ගෙවන්න තමයි, ආණ්ඩුව බලාපොරොත්තු වුණේ. මේ ජිනීවා යෝජනාව පදනම් කරගෙන, ඇමරිකාවට, ඒ වගේම යුරෝපා රටවලට, ඉන්දියාවට, වාගේ ඩොලර් එක්ස්පෝර්ට් වලට යම්යම් සීමා පැනවීම් සිද්ධ වෙන්ට පුළුවන්. GSP වැනි සහන අහිමි වීම සිද්ද වෙන්නට පුළුවන්...
චණ්ඩි පාට් නොදා වහාම රට තුළ මානව හිමිකම් ආරක්ෂා කරන්න. නීතියේ ස්වාධිපත්‍ය ඇති කරන්න. නීතියට පිටින් කරන අත්අඩංගුවට ගැනීම් සහ රඳවා ගැනීම් වහාම නවත්වන්න. ලිවීමේ සහ කතා කිරීමේ නිදහස ඇති කරන්න. එතකොට බය වෙන්න දෙයක් නෑ.
චීනය අපේ අපනයන ආර්ථිකය වෙනුවෙන් ලබා දෙන්නේ අවම දායකත්වයක්, ඒ වගේම ඔවුන් ශ්‍රී ලංකාවට ණය ලබාදීමේදී, ඔවුන් ලබාදෙන ණය කෙතරම් පලදායී ලෙස බාවිතා කරන්නේද, එම ව්‍යාපෘතිමගින් රටේ ආර්ථිකයට, රටේ දියුනුවට කෙතරම් උපකාරී වෙනවද කියල බලන්නේ නෑ වගේම ඒ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් නැති බවති ඔවුන් දන්නවා,
කබ්රාල් මොනවද කියන්නේ? උද්දච්ච කතා දැන්වත් නවත්වන්න, බඩේ පාර වදින්නේ අසරණ ජනතාවට මිස තීරණ ගන්න මෙතුමන්ලා නොවෙයි. බොරු දේශප්‍රේමය, ආගම් ආලයෙන් වැඩක් නැහැ.