(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන සෙනසුරාදා (22) පැවැත්වීමට නියමිත මහ සභා රැස්වීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එම පක්‍ෂයට දැනුම්දී තිබේ.
එම මහ සභාවේදී ගන්නා තීරණ වලංගුභාවයෙන් තොර, ශූන්‍ය සහ ක්‍රියා විරහිත යන පදනම මත සුදුසු අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම වසරේ (2023) මහා සභා රැස්වීම බත්තරමුල්ල, නෙළුම් මාවතේ අංක 1316 දරණ ස්ථානයේ ලබන සෙනසුරාදා (22) පෙරවරු 10.00 සිට පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥා සාගර කාරියවසම් මහතා පසුගිය 11 වැනිදා මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමකට නැති පුවත් . මේ නාකියාටත් වෙනින් වැඩක් නැතිද අප්පා. අනික පොහොට්ටුවේ රෙද්දවල් අපිට මොකටද?